අද වෙන විට රටේ ආර්ථික හා සමාජ දේශපාලනය දවස ගානෙ කඩා වැටෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා පත් කරලා මාස එකහමාරකට ආසන්න කාලයක් වෙනවා ඒ කාලය තුළ වත් එතුමාට වැටු තත්ත්වයෙන් ගොඩ ඒමට බැරි වෙලා තියෙන බව අද විපක්ෂනායක කාර්යාලයේ පවතී මාධ්‍ය හමුවට සහභාගී වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා.

අද වෙන විට රටේ ආර්ථික හා සමාජ දේශපාලනය දවස ගානෙ කඩා වැටෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා පත් කරලා මාස එකහමාරකට ආසන්න කාලයක් වෙනවා ඒ කාලය තුළ වත් එතුමාට බැරි වෙලා තියෙනවා වැටු තත්ත්වයෙන් ගොඩ ඒමට ජනතාවට විස්වාසයක් ඇති වෙන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න .රනිල් වික්‍රමසිංහ මහතා අද වෙන විට අපහසු වෙලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් එක්ක එකතුවෙලා රට ගොඩ දාන්න පුළුවන් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න .එහිදී පහුගිය දා ධම්මික පෙරේරා අලුතෙන් පත්කරපු ඇමතිවරයා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහත්තයට මුදල් ඇමතිකමෙන් ඉල්ලා අස් වෙන්න කියලා එහෙම කියපු ගමන්ම ජනාධිපතිතුමා ඊයේ අලුත් ගැසට් නිවේදනයක් නිකුත් කරල එතුමාගේ යටතේ තිබුණු ආයතන තුනක් ධම්මික පෙරේරා මහත්තයට පවරලා දුන්නා ඒකෙන් අපිට පේන්වා ධම්මික පෙරේරා මැතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අයින් වෙන්න කිව්වේ ඕක පිටිපස්සේ රාජපක්ෂලා ඉන්නා බව අපට මනාව පැහැදිලි වෙනවා. රාජපක්ෂලා අද කැබිනට් එකේ නැති වුණාට තවමත් මේ ආණ්ඩුවේ රාජපක්ෂ අවතාර වැඩ කරනවා. ඒක තමයි ධම්මික පෙරේරාගේ කටින් එන්නෙ. රනිල් වික්‍රමසිංහ මහත්තයට යන්න කියන තත්ත්වයට ඇවිත් තියෙනවා.

අපි කිව්වා රනිල් වික්‍රමසිංහ මහත්තයට ඕක ගන්න කොට එය⁣ ගන්නෙත් රාජපක්ෂලා ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් හැටියට කියලා කිසිම කෙනෙක්ට නොදන්වා ගිහිල්ලා අගමැතිකම බාරගත්තා බාර අරගෙන රාජපක්ෂලාට හුස්ම ගන්න ඉඩ අරන් දුන්නා දැන් රාජපක්ෂලාට රනිල් වික්‍රමසිංහ එළියට දාන දැනට පත්තුවෙලා. මේවා සියල්ල අපි කලින් කිව්වා මොකද රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ අඳුරන්නෙ නැති වුණාට අපිත් මේ රටේ ජනතාවත් හොඳට රාජපක්ෂලා ගැන දන්නවා ප්‍රශ්නය තියෙන්නෙ 2015 රනිල් වික්‍රමසිංහ ගේ අගමැති කමට කෙලපු රාජපක්ෂලා කවුද කියලා හඳුන ගන්න බැරිවෙච්ච එක.

දිනෙන් දින රට කඩා වැටෙන තත්ත්වයට පත්වෙනවා එහිදී හෙට නම වෙනිදා ගෝල්ෆේස් අරගලකරුවන් ගේ ඓතිහාසික දිනයක් ඒ අරගලය පටන් ගත්තා දවස නිමිති කරගෙන රටේ හැමතැනින්ම විරෝධතා මතුවෙනවා ගෝඨාභය රාජපක්ෂ මහතාට යන්න කියලා එම පණිවිඩය නැවත වතාවක් ලබාදෙන්න කොළඹ නගරයට හෙට ලක්ෂ සංඛ්‍යාත ජනතාවට එකතුවෙන්න බලාගෙන ඉන්නවා. ඒක කඩාකප්පල් කරන්න ආණ්ඩුව පෞද්ගලික බස්රථ වල් වලට ඩීසල් නොදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා අනිත් පැත්තෙන් ctb බස් දුවන්නේ නැහැ දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුලේ කඩාකප්පල්කාරී වැඩ කොටසක් කරලා හෙට දුම්රිය එන එක නවත්තන්න සැලසුම් සහගතව ක්‍රියාත්මක වෙනවා. ඒකට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වගකියන්න ඕන. මොකද ඔහුගේ අනුදැනුම අනුව තමයි අද වෙනකොට දුම්රිය කාලසටහන හරියාකාරව ක්‍රියාත්මක වෙන්නෙ නැත්තේ තෙල් ප්‍රශ්නයක් මුල් කරගෙන මේ ඉන්න සේවකයෝ වර්ජනය කරලා .ඒක විසඳන්න සාමාන්‍ය අධිකාරිවරයාට පුළුවන් නමුත් ඔහු ඒ ප්‍රශ්නය විසඳන්නේ නැහැ මොකද හෙට දුම්රිය වැඩ කරොත් කොළඹට මිනිස්සු එනවා කියන එක පදනම උඩ දුම්රිය හෙට අක්‍රිය කරන්නත් රජය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා ඒ නිසා අපිට පේනවා මේ වෙනකොට රජය පසු බැහැලා එක එක දේවල් කරන්න පටන් අරගෙන එය ජනතාවගේ ඒකරාශි වීම වලක්වන්න බෑ අපි ආණ්ඩුවට කියනවා එක එක දේවල් කරන්න ඕනේ නෑ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්තයයි ඉවත් වුණා නම් මේ සියලු ප්‍රශ්න විසඳාගන්න පුළුවන් කුමන්ත්‍රණ තෙල් ගහන එක නවත්තන්න කෝච්චිය එන එක නවත්තන්න ඕන නෑ එකම දෙයයි කරන්න තියෙන්නේ මේ දෙන්නා ඉවත් වෙලා යන එක

කොළඹ නගරයේ ජීවත් වෙන ජනතාව විශාල ලෙස දුක් විඳිනවා පෙට්‍රල් ඩීසල් නැතුව ගෑස් නැතුව භූමිතෙල් නැතුව මේ ඉහළ යන බඩ මිලත් එක්ක ඔවුන්ගේ ජීවන තත්ත්වය දවස ගානේ කඩාගෙන වැටෙනවා ඒ නිසා මේ නගරයේ පෝලිමේ ඉන්න ජනයාට අපි කියන්න කැමතියි ඔය පෙට්රල් පෝලිම් වල ඉන්න ගෑස් පෝලිම වලින් අම්මා තාත්තාට භූමි තෙල් පෝලිම් වලින් අම්මා තාත්තාට පණිවිඩයක් දෙන්න පෝලිම නිමා කරන්න පුළුවන් එක දෙයයි කරන්න තියෙන්නේ ගෝඨා රනිල් අයින් කරන එක විතරයි ඒ අයින් කිරීම තුළ තමයි පෝලිම් යුගය අවසානයකට ගේන්න පුළුවන් ඒ නිසා පෝලිම් වල රෑ දවල් නිදිමරාගෙන ඉන්න තරුණයන්ට අම්මලා තාත්තලාට සහෝදරයන්ට ආයාචනා කරනවා හෙට උදේ 10 වෙනකොට කොටුව දුම්රිය පොල අසලට සියලු දෙනා එකතු වෙන්න ගෝඨාභය රාජපක්ෂ පලවා හැරේ මේ නොනවතින අරගෙන යන අපි එදා කිව්වා වගේ හෙට නැවත පටන් ගන්නවා ඒ වෙනුවෙන් සියලු දෙනාම කොටුව දුම්රිය ස්ථානය රැස්වෙන්න.