එම සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී අතිශයින්ම සංවේදී අවශ්‍යතා පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා එසේ නොවූ විට ඇති වන්නේ ඛේදවාචකයක් යැයිද පැවසීය. ජීවිත රැසක් අහිමි වූ කින්නිය පාලම ඉදිකිරීමේ කටයුතු තවමත් ලක් තැනම බව පැවසූ විපක්ෂ නායකතුමා, එය “විසිවෙනි සංශෝධනයේ පාලමක්” යයිද පැවසීය.

කින්නියා කුරන්ජන්කර්නි කළපුවේ පාලම් පාරු අනතුරට ලක්ව ජීවිතක්ෂයට පත්වූ සහ අනතුරට ලක්වූ පවුල් සඳහා මූල්‍ය ආධාර ලබා දීමක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) සිදුවිය.

මේ දිනවල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා උතුරු නැගෙනහිර ප්‍රදේශයේ ” සක්වල” වැඩසටහන,” සමගි ජනබලවේගයෙන් හුස්මක්” වැඩසටහන ඇතුලු වැඩසටහන් රැසක් දියත් කරමින් සිටින අතරතුර මේ අවස්ථාවට එක්විය. පසුගිය දිනක සිදු වූ පාරු අනතුර හේතුකොටගෙන ජීවිත කිහිපයක් අහිමි වූ අතර පිරිසකට තුවාල ද සිදුවිය.

balavegaya Sajith.Premadasa.7 1