මැතිවරණ කල් දැමීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් රංගෙ බණ්ඩාර කළ ප්‍රකාශය හුදෙක්ම ඔහුගේ ප්‍රකාශයක් නොවන බවත් මෙම ප්‍රකාශය කිරීමේ යෝජනාව වෙන තැනකින් රංගෙ බණ්ඩාරට ආ විධානයකට අනුව සිදුවූවක් බව මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා.

ඔහු විසින් පළමුවරට පසුගිය 28 වනදා මෙම ප්‍රකාශය කිරීමෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභලයින් ඇතුළුව රට පුරා සියලුම දේශපාලන පක්ෂ මෙන්ම ජනතාවද මෙම යෝජනාව විවේචනය කළ අතර මෙම යෝජනාව පිළිබඳව පැවති දෙවන මාධ්‍ය සාකච්ඡාව තත්පර 52කින් අවසන් කිරීමට සිදු වූ බවය මහාචාර්යවරයා මෙහිදී සඳහන් කරනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන වගන්තියට අනුව පරමාධිපත්‍ය බලය ජනතාව සතු වන අතර රගේ බණ්ඩාර විසින් මෙම යෝජනාව ප්‍රජාතන්ත්‍ර විරෝධී යෝජනාවක් කීමම වරදී සහගත බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83B වගන්තියට අනුව නිල කාලය දීර්ග කරනවානම් එක ජනාධිපතිවරයෙකුට පමණක් ජනාධිපතිධුරයේ කාලය දීර්ග කල නොහැකි අතර එසේ කරනවානම් අනාගතයටත් බලපාන පරිදි මෙම කාලය දීර්ඝ කිරීම සියලු ආණ්ඩුවලට බලපාන බවයි ජී එල් පීරිස් මහතා සඳහන් කරන්නේ.

ඒ අනුව මහාචාර්ය ජී එල් පීරිස් මහතා අවධාරණය කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර විසින් මැතිවරණ කල් දැමීම පිළිබඳව ගෙන ආ යෝජනාව රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුල නොවන බවයි.