යුක්රේන – රුසියා යුද්ධය ආරම්භ වූ මොහොතේදීම යුක්රේන සම්බන්ධයෙන් ශ්රී ලංකා රජය ක්ෂණිකව ගත් තීරණයම මේ මොහොතේ පලස්තීනය ඉතා ගැඹුරු අර්බුදයකට පත්ව ඇති මොහොතේ රජයක් ලෙස ක්රියාකරන මෙන් අද පාර්ලිමේන්තු සභාව අමතමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පැවසීය.
එතුමා කියා සිටියේ මේ වන විට ලෝකයේ රටවල් ගොන්නක් මෙම යුද්ධයෙන් ජිවිත හානි වලක්වන තෙක් ඊශ්රායල් ආණ්ඩුව සමඟ තිබෙන සම්බන්ධතා අඩුකර, ඊශ්රායල් තානාපති කාර්යාල වසා දමා තිබෙන බවත්, දකුණු අප්රිකානු ගැටලුව සම්බන්ධයෙන් මුළු ලෝකයම එවැනි බලපෑමක් සිදුකල නිසා එම ගැටලුව අද වන විට විසඳී ඇති බවත් එතුමා මෙහිදී අවධාරණය කළේය.
රටේ යහපත සහ රටේ යහපත් ප්රතිරූපය ආරක්ෂා කිරීම උදෙසා එඩිතර තීන්දු ගත යුතු බව එතුමා මෙහිදී කියා සිටියේ
නොබැඳි ජාතීන්ගේ සම්මේලනය, අප්රිකානු ආසියානු එකමුතුව වැනි වැදගත් ගෝලීය සන්ධිස්ථානයන් හී දී බණ්ඩාරනායක, සේනානායක වැනි නායකයින් ඉතාමත් විශිෂ්ට ලෙස එක් ස්ථාවරයක සිට කටයුතු කර තිබෙන බව සිහිපත් කරමින් එතුමා සියලු නියෝජිත, පාර්ලිමේන්තු සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටියේ පලස්තීන ගැටලුව සම්බන්ධයෙන්ද අපේ රටේ නායකයන් එක ස්ථාවරයක සිටින ලෙසයි.
පලස්තීනය තුල මේ වන විට ඇතිවී තිබෙන අර්බුදකාරී තත්වය හා පලස්තීනය අර්බුදයත් සමග ගෝලීයව ඇතිවී තිබෙන තත්වය පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා කල සම්පූර්ණ කතාව පහතින්,