මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අගෝස්තු මාසය වන විට අනිවාර්යෙන්ම ජනාධිපතිවරණයක් සඳහා නාමයෝජනා කැඳවිය යුතු බවත් ජනාධිපතිවරයාට අවශ්‍යනම් තවත් වසරක ආයු කාලයක් තිබෙන පාර්ලිමේන්තුව විසුරුවා ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමේ හැකියාව තිබෙන නමුත් අනිවාර්යෙන්ම ඔක්තෝම්බර් මස17 වන දිනට පෙර ජනාධිපතිවරණය පවත්වා අවසන් කල යුතුව තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පැවසීය.

දිගින් දිගටම මැතිවරණ කල් දමමින් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ක්‍රියා කරන ජනාධිපතිවරයෙකු ඉදිරි මැතිවරණත් කල් දැමීමට ක්‍රියා කරයිදෝ යන සැකය මතුවන බවයි එතුමා මෙහිදී කියා සිතන්නේ. කෙසේ වෙතත් මේ වන තෙක් ජනාධිපතිවරයා කිසිම සාකච්ඡාවකට ආරාධනා කර නැතැයි පැවසූ හකීම් මන්ත්‍රීවරයා කියා සිටින්නේ කුමන සාකච්ඡාවකට ආරාධනා කලත් සමස්ත විපක්ෂයේම ඉල්ලීම වී ඇත්තේ නියමිත කාලයට මැතිවරණ පවත්වන්න යන ඉල්ලීම බවයි.

එතුමා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ මේ වන විට දේශපාලන වේදිකාව තුල මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව මෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳවත් කතිකාවක් ගොඩනැගී තිබෙන අතර මේ සියලු කතිකාවන් මැතිවරණ කල් දැමීමේ කූට උපක්‍රම පමණක් බවත් පැවසූ ඒ මහතා කියා සිටියේ ඒ කිසිඳු කකුල් මට්ටුවකට හසු නොවන බවයි.