හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ දිනවල කතා කරන්නේ මුකුත් නොදන්න කෙනෙකු ලෙස බවයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසන්නේ .

ඔහු මෙසේ කියා සිටියේ අද (10) විපක්ෂ නායක කාර්‍යලයේ දීය .

වැඩි දුරටත් පැවසූ තිස්ස අත්තනායක මහතා ,

“පහුගිය දවස් වල දැක්කා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රකාශ කීපයක් .එතුමා හිටපු ජනාධිපති .එතුමා බලයට පත් වුණේ කොහොමද කියලා මතක ඇති . දැන් කතා කරන්නේ තොත්ත බබෙක් වගේ. එතුමා සියලු දේ ප්‍රාර්ථනා කරල ලැබෙන වගේ කතා කරන්නේ .එදා එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් ක්‍රියාකාරීන් එතුමාව ඉහළින් ඔසවා තබන්න තමන් කරපු කැපවීම තුට්ටුවකට ගණන් ගන්නේ නැතුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හැටියට පසුකාලයේ ඔවුන්ට පයින් ගහපු හැටි අපි දැක්කා මෙසේ කියන්න හේතු වුණේ ගිය සතියේ රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමා ගුවන්විදුලිය සමඟ පවත්වපු සාකච්ඡාවක දී එතුමා පිළිගත්තා පළමුවරට මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති හැටියට පත් කරන්න ගත් තීරණය වැරදි කියලා හැබැයි ඔය කතාව මම කිව්වේ මීට අවුරුදු හයකට ඉස්සර වෙලා මම 2014 දෙසැම්බර් මාසේ 08ට වැනිදා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස් වූ වෙලාවේ ඉතාමත් පැහැදිලිව කිව්වා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කිරීමට අපේක්ෂකත්වය ලබා දීම හරහා එක්සත් ජාතික පක්ෂයට සහ රටට ඇතිවන ඉරණම ගැන එදා ඒක කියනකොට මට පහර දුන්න හැටි විවේචනය කරපු හැටි චෝදනා කරපු හැටි මගේ මතකයේ තිබෙනවා එදා මම කිව්වා පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා නම් වෙනත් පක්ෂයෙන් ගේන්න ඕන නැහැ කියලා එක්සත් ජාතික පක්ෂයේ නායකයෙකු ජනාධිපති අපේක්ෂකයා කරන්න එහෙම නැති වුනොත් එක්සත් ජාතික පක්ෂයේ ඉරණම භයානකයි කියලා. එදා මම කිව්වා වගේම මෛත්‍රීපාල සිරිසේන මහතා යම් හෙයකින් අපේක්ෂකයා වෙලා ජනාධිපති වුණොත් එක්සත් ජාතික පක්ෂය විනාශ මුඛයට ඇද යාම වළක්වන්න බැහැ කියලා කිව්වා අවුරුදු පහයි ගියේ අවුරුදු හැත්තෑවකට ආසන්න පරණ එක්සත් ජාතික පක්ෂය විනාශ වුණා ඡන්ද පදනම දෙදරා ගියා ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට සම්ප්‍රදායිකව ආණ්ඩු කරපු දේශපාලන පක්ෂයක් එකම මන්ත්‍රීවරයෙක් වත් ඡන්දයෙන් දිනා ගන්න බැරිව අසරණ වීම ඉතාමත් කනගාටු දායක තත්ත්වයක්”