වර්තමානයේ රටේ ඇතිව ඇති ගෑස් පෝලිම්, තෙල් පෝලිම් විකෘතියක් බවත් ඊට අමතරව දුප්පත්කම, ආදායම් දරිද්‍රතාව වැනි විකෘතීන් ඇතිවී තිබෙන බවත් ඊටත් අමතරව දේශපාලන ක්ෂේත්‍රයේ ද.විකෘතියක මේ වන විට රටේ ඇතිවී ඇති බවත් මේ විකෘති තත්ත්වය ප්‍රකෘතියක් කිරීම සඳහා ජනවරමක් අවශ්‍ය බවත් ඊයේ (6) දැදිගම ආසනයේ සම සංවිධායක කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

69 ලක්ෂයක බලයට පත් කළ ජනාධිපතිවරයා ජනතාව විසින් එලවා දැම්මාට පසු මහමැතිවරණයේ එක අසුනක් පමණක් ගත් එජාපයේ මන්ත්‍රීවරයා අගමැති මෙන්ම ජනපති වූ බවත් ඔහුව ආරක්ෂා කිරීම සඳහා රාජපක්ෂ හිතවාදීන් 134ක් පාර්ලිමේන්තුවේ සිටින බවත් ඔවුන්ට මේ අවස්ථාවේත් අවශ්‍ය වී ඇත්තේ ඇමතිකම් බවත් මේ තත්ත්වය මේ අවස්ථාවේ වෙනස් විය යුතු බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා පැවසීය.