මේ රජය පත් වෙච්ච දවසෙ ඉඳන් කරන්නේ මේ රටේ ජනතාව ජීවත් වෙන්න බැරි මට්ටමට පත් කරන එක බව ඊයේ (29) විපක්ෂ නායක කාර්යාලයේ පවතී මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසීය.

ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ හර්ෂණ රාජකරුණා මහතා.
මේ රජය පත් වෙච්ච දවසෙ ඉඳන් කරන්නේ මේ රටේ ජනතාව ජීවත් වෙන්න බැරි මට්ටමට පත් කරන එක.මේ වනවිට කවුරුත් දන්නවා කී වතාවක් ඉන්ධන මිල වැඩි කරාද කියලා . දින කිහිපයකට ප්‍රථම පෙට්‍රල් ලීටරයක් 100කට ආසන්න ගානකින් වැඩිකරා එසේ වැඩි කරන කොට මේ රටේ තියෙන අල්පෙනෙත්ත ඉඳන් සෑම භාණ්ඩයක් හා සේවාවක්ම මිල ගණන් වැඩි වෙනවා. බත් පැකට් එකේ ඉඳන් එළවළු ඇතුළු රටේ ජනතාව පාවිච්චි කරන හැම භාණ්ඩයකම මිල ගණන් වැඩි වෙනවා. බස් ගාස්තු දුම්රිය ගාස්තු සියල්ල වැඩි වෙනවා ඒ තුළින් ජීවත් වෙන්න අපහසුවෙන් ගත කරන හැමෝම කර කියා ගන්න බැරි තත්වයකට පත් වෙනවා. ඊයේ දිනයේදී බස් ගාස්තු 30%කින් වැඩිකරන්න තීන්දු කරලා තියෙනවා.

මේ ආණ්ඩුව ඇමතිවරු හැමදාම කියන්නේ කවදාවත් කෙරෙන්නෙ නැති දේවල්. තෙල් ලබා ගන්න ටෝකන් ක්‍රමයක් හඳුන්වා දුන්නා එසේ බොරුවක් කරලා දවසකට පස්සෙ කිව්වා ඉන්ධන ලබා දෙන්නේ අත්‍යවශ්‍ය සේවාවන් වලට පමණයි කියලා එහිදී අපි අහනවා අත්‍යවශ්‍ය සේවාවන් හැටියට අධ්‍යාපනය අයත් නැද්ද කියලා ඒ වගේම මාධ්‍යය අත්‍යවශ්‍ය නැද්ද මේ රටේ ආණ්ඩුවේ අඩුපාඩුවක් පෙන්නල දෙන්නේ මාධ්‍යයයි එම මාධ්‍ය ආයතන වල වැඩ කරන සේවකයින්ට අත්‍යවශ්‍ය සේවාවක් හැටියට කටයුතු කරන්න අවස්ථාවක් ලබාදීලා නැහැ ඒ දැනුවත් කරන කොට ඒක මගහරිනවා මොකද මේ ආණ්ඩුව උවමනාව තියෙනවා වක්‍රාකාරයෙන් මාධ්‍ය නිහඬ කරන්න ඒ වගේම ආණ්ඩුවට හොඳ පළපුරුද්දක් තියෙනවා මාධ්‍යවේදීන්ට තර්ජනය කරලා ප්‍රහාර එල්ල කරන්න ඒ විතරක් නෙමේ පුලුවන්නම් ‍වක්‍රාරයෙන් මාධ්‍යවේදීන්ව ගෙදර තියන්න කටයුතු කරමින් සිටිනවා ඩීසල් ප්‍රට්‍රල් ටිකක් දෙන්නෙ නැතිව කටයුතු කරන්න වක්‍ර ආකාරයට සිදු වෙමින් පවතිනවා. මාධ්‍යවේදීන් නිහඬ කරන්නත් අර්බුදකාරි තත්වය ප්‍රයෝජනයට අරගෙන තියෙනවා.

ඒ විතරක් නෙමෙයි රෝහල් වල පෞද්ගලිකව කතා කරලා තා කරනවා වෛද්‍යවරුන් ඇම්බියුලන්ස් එකට ගහගන්න ඩීසල් ටිකක් ප්‍රට්‍රල් ටිකක් නැහැ කියලා අද එනකොටත් දැක්කා පෙට්රල් පෝලිම් වල අම්බියුලන්ස් තියෙනවා එතකොට හදිසි අවස්ථාවලදී කොහොමද රෝගියෙක්ව රෝහලකට ගෙනියන්නේ රෝහලකින් තවත් රෝහලකට හදිසි අවස්ථාවකදී ගෙනියන්න බැරි වෙනකොට දවසකට කී දෙනෙක් මිය යනවා ද මේ මරණ වලට කවුද වගකියන්නේ මේ ආණ්ඩුව වග කියනවද ? අපි කවුරුත් දන්නවා පාසල් තාවකාලිකව වහන්න පුළුවන් කන්තෝරු තාවකාලිකව වහන්න පුළුවන් හැබැයි රෝහල් වහන්න පුලුවන්ද, ඔන්ලයින් ක්‍රමයට ද රෝහල් වලත් කටයුතු කරන්න වෙන්නේ. ඒ නිසා මේ ආණ්ඩුවට වැඩපිළිවෙළක් නෑ එම නිසා අපි ඉල්ලීමක් කරනවා කරුණාකරලා හරි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න අත්‍යවශ්‍ය සේවාවන් හැටියට ගන්න කොට විශේෂයෙන්ම සෞඛ්‍ය රෝහල් වලට අවශ්‍ය පහසුකම් ටික ලබා දෙන්න. අධ්‍යාපනයට අවශ්‍ය පහසුකම් ටික ලබා දෙන්න. ඒවගේම තමයි අනිවාර්යෙන්ම මාධ්‍යයට ඒ අවශ්‍ය පහසුකම් ලබා දෙන්න කටයුතු කරන්න.

මේ ආණ්ඩුව හොඳටම කරන දේ තමයි අර්බුදය නිර්මාණය කිරීම තුළින් සාක්කුවට ගානක් හොයාගන්න වැඩපිළිවෙල .ඒක අපි කෝවිඩ් වසංගතේ දී දැක්කා .විදුලිය කප්පාදු කරන කොට දැක්කා මේ හදිසි මිලදී ගැනීම් කියලා ගෑස් පෝලිම හදලා සල්ලි සාක්කුවේ දාගත්තා ඉන්ධන හදිසි මිලදී ගැනීම් කියලා අද ඇති වෙලා තියෙන තත්වය නැව් වලට මුදල් ගෙවනවා හැබැයි නැව හොයාගන්න බැරි වෙලා .මේ ආණ්ඩුව අසූචි නැවකටත් ඩොලර් දුන්නා හැබැයි ඒ පොහොර ටික ලබා දෙන්න බැරි වුණා. අපිට තේරෙනවා මොකටද මේ හැරෙන්නේ කියලා පැහැදිලිවම මේ අර්බුදය තත්වයත් එක්ක ඉන්ධන අර්බුදයත් එක්ක අනිවාර්යෙන් ඉන්ධන පිරවුම්හල් ටිකක් විකුණන එක විකුණනවා මයි. මේ ඉන්ධන පිරවුම්හල් ගණනාවක් විකුණන්න මේ වෙනකොටත් සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා මේක නතර වෙන්නේ ඒ ටික විකුණලා මොකද මේගොල්ලන්ට උවමනාව තියෙන්නේ අර්බුදකාරී තත්ත්වයක් හදලා මිනිසුන්ගේ මානසිකත්වය බිඳ වට්ටලා සහන ලබා දෙනවා කියලා බොරු කියනවා ඉතින් මිනිස්සු හිතනවා අනේ මේවා විකුණලා හරි කමක් නෑ අපිට ඉන්ධන ටික ලැබෙනව නම් කියලා ඒ වගේ මනස විකෘති කරලා තමයි මේගොල්ලෝ හම්බ කරන්න උත්සාහ කරන්නේ .මේ වෙනකොට ඉන්ධන පිරවුම්හල ටික අපිට තියන සම්පත් petroleum එකේ ආයතන ගණනාවක් විකුණන්න සාකච්ඡාවක ආරම්භ කර තියෙනවා කියන එක පැහැදිලි ඒක නිසා අද මේ ආණ්ඩුවට උවමනාවක් නෑ මේ රටේ ප්‍රශ්න ටික විසදගන්න ආණ්ඩුවට හැකියාවක් නෑ ජනතාවට විශ්වාසයක් නෑ මේ ආණ්ඩුවට පුළුවන් කියලා මේ ජනාධිපතිවරයා අගමැතිවරයා ඉන්න තාක් කල් මේ ආණ්ඩුවේ තියෙන තාක් කල් රටේ ජනතාවට විශ්වාසයක් ගොඩනැගෙන්නේ නෑ ජාත්‍යන්තරයට විශ්වාසයක් ගොඩනැගෙන්නේ නෑ. මේ රටට මුදල් පිටරට ශ්‍රී ලාංකිකයෝ එවන්නේ තාම විශ්වාසය ගොඩනැඟී නැහැ හේතුව මේ රටේ නායකයා විදියට තාමත් ඉන්නේ මුළු රටටම එපා වෙච්ච ගෝඨාභය රාජපක්ෂ මේ රට ප්‍රතික්ෂේප කරපු රනිල් වික්‍රමසිංහ තමයි අගමැතිවරයා විදිහට ඉන්නේ ඒක හින්දා මුළු රටම එපා කිව්වා අමාත්‍යවරු සෙට් එකක් තමයි කැබිනට් මණ්ඩලයේ ඉන්නේ ඒක නිසා මේ රටට උදව් කරන්න ශ්‍රී ලාංකිකයෝ පිටරට ඉන්න අවශ්‍යතාවයක් නෑ උවමනාවක් විශ්වාසයක් නැහැ ඒ නිසා මේ රටට සහයෝගය ලබා දෙන්න කල්පනා කරන ජාත්‍යන්තර ප්‍රජාව හෝ සංවිධාන රටවල් මේ අය ඉන්නකම් උදව් ලබාදෙන්නේ නෑ .

දැන් කටාර් රජයෙන් ඉන්ධන ගන්න උත්සාහයක යෙදෙනවා හැබැයි අපිට මතකයි මුස්ලිම් ජාතීන්ට මේ ආණ්ඩුව කොහොමද සැලකුවේ කියලා කෝවිඩ් වසංගතය කාලේ ඒ මුස්ලිම් සිරුරු ආදාහනය කරන්න ගත්ත තීන්දු මුස්ලිම් රටවල් කොච්චර බලපෑම් කරත් ජාතිවාදය අවුස්සන්න ඕන නිසාම ඒ කටයුත්තට ඉඩ දුන්නේ නෑ ඒ වගේම වෛද්‍ය සාෆිට කරපු දේ මතක ඇති. මුස්ලිම් ජාතිකයෙක් නිසා ජාතිවාදය අවුස්සන්න ඕන නිසා බොරු බේගල් කියලා වඳ පෙති වඳ කොත්තු ගැන කියලා කිව්වා ඉන්ධන ගෙනත් වද ඉන්ධන කියලා නොකියා ඉදිද. දැන් කටාර් රාජ්‍යයෙන් අරාබියෙන් ඉන්ධන ගෙනාවොත් මේවා වද ඉන්ධන වෙනවද එහෙම නෑ ඒ නිසා මේ රටේ රටවල් වලටත් හොඳට මතකයි එහෙම විශ්වාසයක් නැහැ කටාර් රජයෙන් ලබාදෙන අරමුදල් ටිකක් මේ ආණ්ඩුව ආපු ගමන්ම තර කලේ අරමුදල ලබා දෙන්නේ නැහැ ඒ වගේ පාලකයින්ට ජාත්‍යන්තරය උදව් කරන්නේ නෑ අනිවාර්යෙන්ම මේ රටේ ජනතාව පෙළ ගැහෙන්න ඕන මේක අපි තමුන්නාන්සේලාට කියනවා අපි හැමෝටම මේක බලපාන පේනවා ඔබගේ දරුවෙක් අසනීප වුණොත් ඉස්පිරිතාලෙට ගෙනිච්චා ඒ ඉස්පිරිතාලෙ අද ඖෂධ නැහැ හදිසි සැත්කමක් කර ගන්න වෙන රෝහලකට ගෙනියන්න වුනොත් ඇම්බියුලන්ස් එකේ ඩීසල් ප්‍රට්‍රල් නැහැ මේ රටේ ජනතාවක් සූදානම් වෙන්න පාරට බහින්න අපි හෙට දෙන ඉදි ආරම්භ කරනවා විරෝධතාවක් අපි මාස ගානක් බලාගෙන හිටියා අපිආණ්ඩුවට අවස්ථාව ලබා දුන්නා මාස දෙකකට ආසන්න කාලයක් ගොඩදාන්න අපිත් සහය දෙනවා කියලා කිව්වා නමුත් මීට වඩා මේ රටේ ජනතාවට ඉවසන් ඉන්න විදියක් නැහැ.

අද 30 පිටකොටුවේ දුම්රිය පොළ අසල සවස 3 ට මෙය ආණ්ඩුවට විරුද්ධව විරෝධතාවයන් පවත්වනවා අපි එය නතර කරන්නේ නෑ ඉතා පැහැදිලිවම කියනවා අපි මේ ආණ්ඩුව මේ ජනාධිපති අගමැති ගෙදර යනකන් අරගල කරනවා.