පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් දිනපතා ඡන්දයක් අවශ්‍ය බව කීවත් රාජපක්ෂලා හට මැතිවරණයක් අවශ්‍ය නැති බවත් මහලේකම් කියන්නේ බොරුවක් බවත් මැතිවරණයක් පැවැත්වුවහොත් රාජපක්ෂලා සහ එම කල්ලිය ඇඳගෙන සිටින සියල්ල ගැලවෙන බවත් ඊයෙ (4) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ කරන විවිධ ප්‍රකාශ වලින් සහ ඔහුගේ ක්‍රියාකාරකම් වලින් ඔහු ඉතා ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති පාලකයෙක් බව පෙනී යන අතර system change එකක් ගැන සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන නිරන්තරයෙන් ඔහු දෙඩවූවත් ක්‍රියාකාරකම් තුළින් ඔහු ප්‍රජාතන්ත්‍ර විරෝධී පුද්ගලයෙක් බව පැවසූ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා කියා සිටියේ ලෝක ඉතිහාසය පුරා ඒකාධිපති පාලකයන්ට අත්වූ ඉරණම ඉතා ඛේදනීය බවත් එම පාලනයට එරෙහිව අනිවාර්යෙන් ජනතාව පෙළගස්වන බවයි.