කොළඹ පාරිභෝගික මිල දර්ශකයට (CCPI) අනුව 2022 මාර්තු මාසයේ උද්ධමන අගය වාර්ෂික පදනම මත 18.7% ක් ලෙස ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.

එසේම ආහාර උද්ධමනය 30.2%ක් ලෙසත්, ආහාර නොවන උද්ධමනය 13.4% ක් ලෙසත් අදාළ වාර්තාවෙහි සඳහන් වේ.

2022 පෙබරවාරි මාසයේ දී මෙම අගයයන් දැක්වුණේ පිළිවෙලින් 25.7% ක් හා 10.1% ක් වශයෙනි.

CCPI අගය 2022 පෙබරවාරි මාසයේ දී 160.1 ක් ලෙසින් සටහන්ව තිබූ අතර එය 2022 මාර්තු මාසයේ දී 164.9 ක් දක්වා ඉහළ ගොස් ඇත.

කොළඹ දිස්ත්‍රික්කය හා ඒ අවට නාගරික ප්‍රදේශයන්හි ජනතාව විසින් මිල දී ගන්නා භාණ්ඩ හා සේවාවන්හි මිල ගණන් වෙනස් වීම් පිළිඳව අධ්‍යනය කිරීම සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සකසා ඇත.