වත්මන් අර්බුදයට හේතුවට, ගෝඨාභය රාජපක්ෂ රජයේ දුර්වල ආර්ථික කළමණාකරණය බව, ජනතාවගෙන් 62% ක ප්‍රතිශතයක් විශ්වාස කරන බව, නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

රජය, මේ අර්බුදයට හේතුව කෝවිඩ් වසංගතය බව පුන පුනා ප්‍රකාශ කළද, එය විශ්වාස කරනු ලබන්නේ ජනතාවගෙන් 4.4% ක ප්‍රතිශතයක් පමණි.

මෙරට තුළ මතුව තිබෙන අර්බුදයට හේතුව ගෝලීය ආර්ථික අර්බුදය බව විශ්වාස කරනු ලබන්නේ ජනතාවගෙන් 2% ක ප්‍රතිශතයක් පමණි.

මේ අර්බුදය, නිදහස ලබපු දා සිට පැවති රජයන් විසින් අපේ ආර්ථිකය කළමනාකරනය ලද දුර්වල ආකාරයේ ප්‍රතිඵලයක් බව ජනතාවගෙන් 14.5% ක් විශ්වාස කරති.

දූෂිත දේශපාලනඥයන් මේ තත්ත්වයට වගකිව යුතු යැයි විශ්වාස කරන ජන ප්‍රතිශතය 14.4 කි.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් කරන ලද සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී තිබේ.