මෙවර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2023 අයවැය කිසිසේත්ම ජනතා හිතවාදී, සහන සලසන අයවැයක් නොවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පවසනවා.

ඒ අනුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, සහන ලැබිය යුතු පාර්ශව රැසක් අයවැයෙන් අමතක කිරීමට කටයුතු කර ඇති බවත් මෙය තවදුරටත් රාජපක්ෂ ඇතුළු සුපුරුදු කණ්ඩායම පෝෂණය කරන අයවැයක් බවත්ය.

මෙවර අයවැයට පක්ෂව ඡන්දය ලබාදීමේ හැකියාවක් නොමැති බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.