මිනිස් සංහාරයක් පිළිබඳව කරුණු සැඟවූ මෛත්‍රිපාල සිරිසේන මහතාව වහාම අත්අඩංගුවට ගත යුතු බව එස් එම් මරික්කාර් මහතා පවසයි. ඒ පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් තමා දන්නා බවත් අධිකරණයෙන් නියෝගයක් ලබාදෙන්නේ නම් එම රහස අධිකරණය ඉදිරියේ හෙළිකිරීමට තමා සුදානම් බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ දිනවල මාධ්‍ය හරහා සිදුකරමින් තිබෙන බරපතල ප්‍රකාශයට පිළිතුරු දෙමින්,
මරික්කාර් මහතා කියා සිටින්නේ 2015 වසරේදී මෙවැනි පුද්ගලයෙක් ජනාධිපති කිරීමට සහයෝගය දීම පිළිබඳව තමා ඉතාමත් කණගාටුවට පත්වන බවයි.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා කියා සිටියේ වහාම මෛත්‍රිපාල සිරිසේන මහතාව අත්අඩංගුවටගෙන මෙම ප්‍රකාශය පිළිබඳව ප්‍රශ්න කලයුතු බවත් සත්‍ය දැනගෙන වගකිවයුත්තන්ට එරෙහිව ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳව ඔහුට දඬුවම් දියයුතු බවත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට ලක්වී ජිවිතක්ෂයට පත්වූ පීරිස් සහ වින්දිතභාවයට පත්වූ පීරිස් සමඟ තවදුරටත් දේශපාලනය කිරීමට ඉඩ නොදිය යුතු බවයි.