අපි මේ මැයි දිනය කරන්නේ ජනතාවගෙන් සත පහක්වත් ගන්නේ නැතිව වුවත් ඒත් අනුර කුමාරගේ කට්ටිය ඉස්කෝලවලට පැනලා රුපියල් 100ක ටිකට් එකක් විකුණලා ඒ සල්ලිවලින් මේ මැයි දිනය සමරන බවත් මොවුන්ට පාසල්වලට පරිගණකයක් දෙන්න බැරි වුණාට පාසල්වල ගුරුවරුන්ගෙන් රුපියල් 100 ගානේ එකතු කරලා මැයි දින සමරණ බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා පැවසීය.

කෝටි 900ක අරමුදලක් තියෙන ජනතා විමුක්ති පෙරමුණ රුපියල් 100 ගානේ හිගා කාලා මැයි දින තියන බවත් මොවුන්ගේ පක්ෂ අරමුදලට වෙන දේවල්වලට හිතාගත හැකි බවත් ඒ මහතා පැවසීය.

රාජපක්ෂලා රණවිරුගාය පෙන්නලා රට විරුවන් ගෙනවිත් රට බේරා ගන්න ඡන්දය දෙන්න කිව්ව නිසා ඔවුන් මෙරටට පැමිණ බොරුවට රැවටී රාජපක්ෂලාට ඡන්දය දීම නිසා රට විනාශ වූ බවත් එය නැවතත් මේ වන විටත් ක්‍රියාත්මක බවත් සහෝදරුවරුන්ගේ කයිවාරුවට පම්පෝරියට රැවටී නැවතත් රට ඉන්න අය ලංකාවට ඇවිත් ඡන්දය ලබා දී නැවතත් රට අගාධයකට ගෙන යාමට කටයුතු කළ හැකි බැවින් මොවුන්ගේ බොරුවට නොරැවටෙන ලෙසත් තුෂාර ඉදුනිල් මහතා පැවසීය.

ගෝත්‍රවාදයට, ආගම්වාදයට, ජාතිවාදයට තවදුරටත් නොරැවටෙන ලෙසත් බොරු කයිවාරුකාරයන්ට නොරැටෙන ලෙසත් මේ රටට අවශ්‍ය වැඩ කරන පක්ෂයක් මිස ජනතාවගෙන් මුදල් එකතු කරන පක්ෂයක් නොවන බවත් ඒ මහතා පැවසීය.

ආවේගවලට රැල්ලට මුල්තැන නොදී රටේ අධ්‍යාපනයට සෞඛ්‍යයට සේවයක් කරන ආර්ථිකය ගොඩනංවන වැදගත් පක්ෂයක නායකයකු ලෙස සජිත් ප්‍රේමදාස මහතාට මුල්තැන ලබා දිය යුතු බවත් ඊළඟ මැයි දිනය සමරන්නේ සමගි ජන බලවේග රජයක් යටතේ බවත් ඒ මහතා මෙහි දී අවධාරණය කළේය.