ස්වයං ව බංකොලොත් භාවය ප්‍රකාශ කළ ශ්‍රි ලංකාව අඩු ආදායම් ලාභී දිළිඳු රටක් ලෙස ස්වයං ව ප්‍රකාශයට පත් කිරීම සඳහා මේ වනවිට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
විශේෂයෙන් අඩු ආදායම් රටක් ලෙස සැලකීමේදී ජාත්‍යන්තර ආයතනවලින් ලබා දෙන විවිධ සහනාධාර ලබා ගැනීමේ අදහසින් මෙලෙස අඩු ආදායම් රටක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කර ඇති අතර ඊට අදාළ කැබිනට් පත්‍රිකාව හෙට දිනයේද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත ව පවතින බව සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි.

මෙම වාර්තාවට අනුව රජය මේ පියවර ගැනීමට විශේෂයෙන් හේතුවක් ව ඇත්තේ ලෝක බැංකුව යටතේ පවතින ආයතනයක් වන ජාත්‍යන්තර සංවර්ධන සංගමය නම් ආයතනයෙන් ලබා ගත හැකි මූල්‍ය පහසුකම් ලබා ගැනීම බව සඳහන් වේ.

මේ වනවිට ශ්‍රි ලංකාවට කිසිදු මූල්‍ය ආයතනයකින් ණය ලබා නොදෙන තත්ත්වයට පත්ව ඇති අතර ශ්‍රී ලංකාව ලෝක බැංකුව විසින් ඉහළ අඩු ආදායම් රටක් ලෙස සිදු කර ඇති නිර්වචනය හේතුවෙන් අඩු ආදායම් රටවල් වෙත ලබා දෙන සහන ලබා ගැනීම අපහසු වී ඇති බව සඳහන් වේ.

මුදල් අමාත්‍යංශය විසින් මෙම කැබිනට් පත්‍රිකාව හෙට දිනයේ පැවැත්වන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත අතර අදාළ අනුමැතියෙන් පසු ලෝක බැංකුවට එම යෝජනාව ඉදිරිපත් කිරීමෙන් පසුව මැදි ආදායම් රටක තත්ත්වයේ සිට අඩු අදායම් රටක් ලෙස ප්‍රකාශයට පත් වනු ඇතැයි මෙම වාර්තාවේ සඳහන් වේ.

අලුත්ම තත්වය මේකයි – බංකොලොත් රට මැදි ආදායමෙන් අඩු ආදායම් දිලිඳු රටක් ලෙස ස්වයං ප්‍රකාශයකට සැරසෙයි !