ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් වන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කිරීමට පෙර චමින්ද්‍ර දයාන් ලේනව යන අය තමාගෙන් හෝ තම නීතීඥවරුන්ගෙන් ඒ පිළිබඳ අදහස් විමසීමක් හෝ උපදෙස් ලබාගැනීමක් සිදුකර නොමැති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර තිබෙනවා.

2024 දී ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසමේ තීරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය සහාය පළ කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා.

එමෙන්ම ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5ක් බවට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ තරයේ විශ්වාස කරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අධිකරණය විසින් අර්ථකථනය කරන තුරු දැනට නියම කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ව්‍යාපාරිකයෙකු වන චමින්ද්‍ර දයාන් ලෙනව නැමැත්තා විසින් ඊයේ (03) ඉදිරිපත් කර තිබුණා.

ජනාධිපතිවරණ කල්දමන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ මෙම පෙත්සම පිළිබඳව තොරතුර BBC සිංහල පුවත්පතේ සඳහන් කල වහාම සමගි ජන බලවේගය ජාතික ජන බලවේගයන් ආධී මෙරට දේශපාලන පක්ෂ සියල්ල මෙයට විරෝධය ප්‍රකාශ කල අතර එම පක්ෂ සඳහන් කලේ මෙයට එරෙහිව නිතිය හමුවට යන බවත් නිශ්චිත දිනට මැතිවරණ පැවැත්වීම වෙනුවෙන් ඍජුවම පෙනීසිටින බවයි.