ආණ්ඩුව විසින් පසුගිය දා (සැප් 18) මාර්ගගත ක්‍රමවල වල සුරක්ෂිත බාවය පිලිබදව පලකරනු ලැබූ ගැසට් පත්‍රය මගින් සිදුවන්නේ ජනතාවට සත්‍ය සොයගේනිමේ ඇති අයිතිවාසිකම සහමුලින්ම ඇහිරීමක් බවත් මාධ්‍ය නිදහසට බලපාන, ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමට බලපානු ලබන කිසිදු පනතක් රජයේ ශාඛාවක් හෝ හස්තයක් විය නොහැකි බවත් මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා.

එතුමා මේ බව ප්‍රකාශ කරනුයේ අද උදැසන මෙම මාර්ගගත ක්‍රමවල වල සුරක්ෂිත බාවය පිලිබද පනත් කෙටුම්පත පිලිබදව සාකච්ඡ කරනු ලැබූ රූපවාහිනී වැඩසටහනකටන් එක්වෙමින්.

මහාචාර්ය ජී එල් පීරිස් මහතා මෙහිදී වැඩිදුරටත් සදහන් කලේ වත්මන් රජයට කිසියම් හෝ මැතිවරණයක් දිනාගැනීමේ හැකියාවක් නැති පසුබිමක මැතිවරණ කල්දමමින් සිටින බවත් ඉදිරි වසරේදී අනිවාර්යෙන්ම පැවැත්විය යුතු ජනාධිපතිවරණයට මුහුණදීම සදහා ජනතාවගේ සත්‍ය දැනගැනීමේ අයිතිවාසිකම මෙවැනි පනත් හරහා අහුරමින් සිටින බවත්ය.

ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමට බලපානු ලබන කිසියම් නීතියක් ගෙන ඒමේදී එම කොමිෂන් සභා කිසිදු ආකාරයකින් රජයේ ශාඛාවක් හෝ හස්තයක් විය නොහැකි බවට නඩු තීන්දු වලින් පවා සනාථ වී ඇති අතර මෙම මාර්ගගත ක්‍රමවල වල සුරක්ෂිත බාවය පිලිබදව වගකියනු ලබන කොමිෂන් සභාව සහමුලින්ම ජනාධිපතිවරයාගේ අභිමතයට අනුව ක්‍රියාත්මක කිරීම කිසිසේත් අනුමත කල නොහැකි බව ජී එල් පීරිස් මහතා මෙම වැඩසටහනේදී අවධාරණය කළේය.