පාස්කු ප්‍රහාරය සම්බන්ධ තොරතුරු රැගෙන ප්‍රසිද්ධ විවාදයක් සදහ පැමිණෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද මහතා කළ අභියෝගය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා බාර ගත්තේය .

මෙම විවාදයට සමගි ජන බලවේගයේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතාත් රැගෙන එන බවද හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේය .

එහිදී හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ හිරු දෙරණ නොමැතිව වෙනත් මාධ්‍ය නාලිකාවක් තෝරා ගන්නා ලෙසයි .

මෙම විවාදය සඳහා කාංචන විජේසේකර මහතාත් රැගෙන එන ලෙස මහින්දානන්ද අමාත්‍යවරයාට කියා සිටියේය .

එහිදී ස්වර්ණවාහිනීය තෝරා ගත්තේය .

මෙම අවස්ථාවට පොලිස් භාර අමාත්‍ය සරත් වීරසේකර මහතාද රැගෙන ඇවිත් පැත්තකින් වාඩි කර තබන ලෙසද මහින්දානන්ද අමාත්‍යවරයාට හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේය .

මෙම සංවාදය ඇති වූයේ අද(21) පාර්ලිමේන්තුවේ දීය.