මිනිස් වර්ගයා අතර සංහිඳියාව හා සහජීවනය ඇතිවීමට මං පාදන පුන්‍යවන්ත දිනයක් ලෙස මහා ශිවරාත්‍රී දිනය හැඳින්විය හැක.

හින්දු දහමට අනුව දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියන් තමා යන්න ශිව දෙවියන් ලොවට විදහා දැක්වු අසිරිමත් දිනය ලෙස සැලකෙන්නේ ද සැලකෙන්නේද මහා ශිවරාත්‍රී දිනයයි.

ලෝකයේ තෙවැනි තැනෙහිලා වැඩිම බැතිමතුන් පිරිසක් විසින් මෙලොව පැරණිතම ආගම ලෙස සැලකෙන හින්දු ආගම අදහති. බිලියනයකට අධික ජනතාවක් ඒ අතර වෙයි. ක්‍රිස්තු පූර්ව 200 – 300 අතර පැවැති ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ඇසුරෙන් ද හින්දු ඇදහිලි විශ්වාස පිළිබද සාක්ෂි හමු වී තිබේ. 

එවන් බැතිමතුන්ගේ සුවිශේෂී ආගමික දිනයක් ලෙස ශිව රාත්‍රි දිනය හැඳින්විය හැක.

මිනිසා තුළ ඇති මමත්වයත්,අහංකාරයත් නැති වී , ස්වකීය ජීවිතය  සුඛිත මුදිත කරගැනීමට අවස්ථාව සැලසෙන බව ශිව බැතිමතුන් විශ්වාස කරන අතර මහා ශිව රාත්‍රී උපවාසයත් සමඟ අඳුර දුරලා,ප්‍රඥාව නැමැති  ආලෝකය දල්වාලනු ලබයි.

මහා ශිවරාත්‍රී දින පහන් ආලෝකය සමස්ත හින්දු ජනයාගේ අධ්‍යාත්මය ආලෝකමත් කරන්නේ යම් සේද,සියලු මිනිස් සිත් සතන් පුරා සාමය සංහිඳියාව හා සතුට සාක්ෂාත් කර ගැනීමට ශිව දෙවිදුන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමි.

සජිත් ප්‍රේමදාස 

විපක්ෂ නායක