ඉතිහාසයේ සිට IOC තෙල් මිල වැඩි කරලා සිපෙට්කෝ වැඩි නොකරපු දවසක් නැති බවත් ඉතිහාසයේ සෑම අවස්ථාවකම IOC තෙල් මිල වැඩි කරාම සිපෙට්කෝ මිල වැඩි කළ බවත් මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසීය .ඒ මහතා කියා සිටියේ මම සාස්තර කියන පුද්ගලයෙක් නෙමෙයි හැබැයි අද මට සාස්තරයක් කීමට හැකි බවයි. එය දින කිහිපයක් යනවිට අනිවාර්යෙන්ම සිපෙට්කෝ තෙල් මිලත් වැඩි වෙනවා යැයි විපක්ෂ නායක කාර්යාලයේ 07 දා පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

වැඩි දුරටත් අදහස් දැක් වූ මන්ත්‍රීවරයා.

2019 යහපාලන ආණ්ඩුව තියෙන විට පෙට්‍රල් ලීටරයක මිල රු. 134යි. මේ ආණ්ඩුව බලයට ඇවිත් 2021 ජනවාරි එය වැඩි කළා රුපියල් 177ක් දක්වා. එය 30%ක පෙට්‍රල් මිල ඉහළ යෑමක්. 2021 දෙසැම්බර් 21 වෙනිදා 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් තිබුණේ රු 177 ට. 95 වර්ගය තිබුණේ 204 ට. auto ඩීසල් රු 124ටත් super ඩීසල් රු 159 ට හා භූමිතෙල් 87 ටයි. දැන් මේ සියල්ලක්ම මාර්තු මාසය වෙනකොට නැවත වතාවක් වැඩි කර ඇති බව පැවසීය.

2021 ඩීසල් , පෙට්‍රල් වැඩිවෙනකොට සාමාන්‍ය අහිංසක ජනතාව ගමනක් බිමනක් යන්න භාවිතා කරන ත්‍රීරෝද රථයේ කිලෝමීටරයකට රුපියල් 80 ක් ගෙවපු එකට රුපියල් 45 කින් වැඩි වුණා. ඒ වගේම බස් ගාස්තු , පාසල් දරුවන් ගෙනියන ප්‍රවාහන ගාස්තු ඇතුළු ආහාර මිළ හා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩි වුණා. එහිදී ඊයේ රාත්‍රී ඉඳන් නැවත වතාවක් බස් ගාස්තුව, ප්‍රවාහන ගාස්තු ,ආහාර මිල වැඩි වීමට ඉඩ තිබෙන බවත් 2021 වෙනකොට රටතුළ කිරිපිටි නැහැ තිබුණත් 78% න් ,ගෑස් 79% න් හාල් 118% න් මිල වැඩි වී ඇති බව පැවසීය.

මෙසේ ඉන්ධන මිල වැඩිවීම අහිංසක ධීවර ජනතාවට බවත් ධීවරයාට එය සෘජුව බලපාන කොට වක්‍රව පාරිභෝගිකයාට බලපාන එක වළක්වන්න බැරි බව ද මේ රටේ මිනිස්සු මෙච්චර අසරණ වෙලා ආර්ථික වශයෙන් පීඩනයට පත්වෙලා ඉන්න අවස්ථාවක ආණ්ඩුවට හෘද සාක්ෂියක් තියෙනවද මේ විදිහට තෙල් මිල වැඩි කර සෘජුව හෝ වක්‍රව මේ රටේ තව දුරටත් භාණ්ඩ මිල වැඩි කරන්නේ කියන ප්‍රශ්නය ඒ මහතා රජයට අවධාරණය කළේය.

මෙම අර්බුද සමග උදය ගම්මන්පිල මහතා අසරණ වෙලා. එතුමට තෙල් ගන්න ඩොලර් නැහැ එම නිසා විදුලිය නැහැ මිනිස්සු කළුවරේ. උදය ගම්මන්පිල මහත්තයා රටට ඇත්ත කියන්න කියලා ආණ්ඩුවට බැගෑපත් වෙනවා ඒ තුළින් පේන්නේ මෙතෙක් කල් මේ තප්පරෙත්, මේ මොහොතේත් ආණ්ඩුව මේ රටට කියන්නේ බොරු බවයි.ආන්ඩුවේ ඇමතිවරු කියනවා නම් දැන්වත් මේ රටට ඇත්ත කියන්න කියලා මේ මොහොත දක්වාත් මේ ආණ්ඩුව රටේ ජනතාවට කියන්නේ බොරු බව ද කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.