පක්ෂ නායක රැස්විමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතාට පාර්ලිමේන්තුව තුළදි පහර දිම ගැන කිසිම දෙයක් කථානායකවරයා කතා නොකර බවත් එය පුදුම සහගත දෙයක් බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසන්නේ .

එදා සිදුවීම පිළිබඳ කථානායකවරයා ඇසින් දුටු දේ පිළිබඳ තින්දුවක් ලබා දී ප්‍රශ්නය විසදන්නයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායකවරයාට කියා සිටියේය .

මනුෂ නානායක්කාර මහතාට පහර දිමට තැත් කිරිම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට හැකි බවද පවසා සිටි අතර මේ සම්බන්ධයෙන් සාක් පාර්ලිමේන්තුවට පැමිණිලි කල බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය .