අද ඇත්තේ බොරුව රජයමින් බවත්, ඒ නිසාම රට බරපතළ අඩියකට පත්ව ඇති බවත් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

බොරුවෙන් සහ මිථ්‍යාවෙන් රට කරවන ආණ්ඩුව රටට බොරු කරමින් ජනතාව මහ පාරේ තබා ඇති බවත්, පෝලිම් යුගයට මැදි වූ ජනතාව අන්ත අසරණව සිටින බවත් ඒ මහතා පැවසීය.

දුරදර්ශී කැපවීම් හේතු කොටගෙන අද වන විට ඔහු වඳව අප්‍රිකාවේ සිංගප්පූරුව බවට පත්වී ඇති බවත්, විෂ රසායනික බෝම්බ වලින් විනාශ වූ වියට්නාමය සීග්‍ර වේගයෙන් සීග්‍ර සංවර්ධනයක් කරා යොමු වී ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා මේ සියල්ල මැද ශ්‍රී ලංකාව දිනෙන් දින බරපතළ පිරිහීමකට ලක් වෙමින් තිබෙන බවද පැවසීය.

ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියත් සුවහසක් බොදු බැතිමතුන්ගේ ගෞරවාන්විත වන්දනය පිණිසත් වූ පූජනීය සංකල්පයක පෙරදැරිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රමුඛ දායකත්වයෙන් දහසක් චෛත්‍ය රාජාණන් චෛත්‍යරාජයාණන් වහන්සේලාගෙන් පුණ්‍යභූමිය අසිරිමත් කිරීමෙහි දසවෙනි පියවර ලෙස කටුගම්පල, පන්නල, නාලවලාන – පල්වලකුඹුර ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ ගරු විපක්ෂ නායකතුමාගේ සුරතින් නිරාවරණය කොට සසුනට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය අද (20) පැවැත්විණි.