රටේ වත්මන් අර්බුදය හේතුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් එස් ආර් ආටිගල මහතා හෙට දින දක්වා විදේශගතවීමක් නොකරන බවට ශේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දී තිබෙනවා.

ඒ වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදු කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී.

මෙම සිද්දීන්ට සම්බන්ධව තවත් වගඋත්තර කරුවකු වන ජනාධිපති මේ වන විටත් රටින් පිටවී ඇති වාතාවරනයකයි මෙම ප්‍රතිඥාව දී තිබෙන්නේ.

එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින මෙම පිරිස වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මාර්ගයෙන් එම ප්‍රතිඥාව ලබාදී තිබෙන්නේ.

වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් පවත්වන්නැයි නියෝග කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න මහතා ඇතුළු පිරිසක් මෙම පෙත්සම ගොනු කර තිබුණා.