මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා රටේ අර්ථික තත්ත්වය පිළිබඳ පසුගිය දෙසැම්බර් 10 වනි දිනෙන් පසුව අද දක්වා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදු නොකළ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි .

ඔහු කියා සිටියේ රටේ ව්‍යවස්ථාවට අනුව මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට බවත් එහෙත් මුදල් අමාත්‍යවරයා මාස තුනකින් කතා නොකර බවයි .

අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට රටේ අර්ථික තත්ත්වය පිළිබඳ ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේ දී සිදු කරන ලෙස නියෝගයක් ලබා දෙන මෙන් කථානායකවරයාගෙන් කිරිඇල්ල මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.

ඔහු තව දුරටත් කියා සිටියේ දැන් රට බංකොලොත් වී ඇති බවයි .

සටහන – CJ