රටේ ආර්ථිකය පිළිබඳ ණය ගෙවීමේ හැකියාව මත ශ්‍රේණිගත කිරීමේ ආයතන තුනකින්ම ලංකාව පහත දමා ඇති අවස්ථාවක “රජය හිතනවනම් බැසිල් රාජපක්ෂ හිතනවා නම් ඔය ගමන යන්න පුළුවන් කියලා ඒක මෝඩ වැඩක්” බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි .

ඔහු මේ බව කියා සිටියේ ඊයේ(05) විපක්ෂ නායක කාර්‍යලයේ දීය

වැඩි දුරටත් කියා සිටියේ ,

“ගනුදෙනුවක් කරනකොට ඒ අය අතර විශ්වාසයක් තියෙන්න ඕන බැංකුවකට ගියොත් ව්‍යපාරයකට ණයක් ගන්නවනම් බැංකුව ඔබ කෙරෙහි විශ්වාසයක් තියෙන්න ඕන ශ්‍රේණිගත කරනවා එහිදී එක් කෙනෙකුට ලක්ෂ පහක් දෙනවා තවත් කෙනෙක් ගියොත් ලක්ෂ දහයක් දෙනවා එය විශ්වාසය උඩයි පවතින්නේ රටකත් එහම වෙනසක් නැහැ රටවල් ශ්‍රේණිගත කිරීම් කරනවා දැන් ශ්‍රේණිගත කිරීමේ ආයතන තුනකින්ම අපිව පහත දාලා රජය හිතනවනම් බැසිල් රාජපක්ෂ හිතනවා නම් ඔය ගමන යන්න පුළුවන් කියලා ඒක මෝඩ වැඩක් ශ්‍රේණිගත කරන්නේ ලංකාව විතරක් නෙමෙයි ලෝකයේ සියලුම රටවල් ශ්‍රේණිගත කරනවා විශ්වාසය ප්‍රශ්නයක් මෙහෙ තියෙන්නෙ සමගි ජන බලවේගය කියන්නේ දේශපාලන පරිණතභාවය තියෙන පිරිසිදු චරිත වගේම විද්වත් දැනුම තියෙන පක්ෂයක් එහිදී විශ්වාසය ඇති වන්නේ රට තුළ විතරක් නෙමෙයි ජාත්‍යන්තර ඇති වෙන්නත් ඕන අපි කිව්වොත් දෙයක් කරනවා ගිවිසුම් වලට අත්සන් කර එයට අපි ගෞරව කරනවා අවුරුදු හැත්තෑ තුනකට අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයන් හැටියට එක එක ආණ්ඩු ගිවිසුම් අත්සන් කර තියෙනවා නමුත් අපි ආවොත් විශ්වාසය තියෙනවා ජාත්‍යන්තරව අපි මේ හැම එකක්ම ගෞරව කරන ආණ්ඩුවක් පක්ෂයක් කියන විශ්වාසය තියෙනවා.”