මැතිවරණය පැවැත්වීම සදහා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දුන් තීන්දුවෙන් පසු ජනාධිපතිවරයා මැතිවරණය කල් දැමීමට තවත් අලුත් නූල් සූත්තර අදිමින් සිටින බව සජබ නියෝජ්‍ය ජාතික සංවිධායක එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ තවත් කල් නොගෙන අගහරුවාදා දිනයේදීම මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කළ යුතු බවකි.
නොඑසේනම් ජනතාව සමග මහපාර බැස යළිත් සටන ආරම්භ කරන බවද ඒ මහතා කියා සිටියේය.