පොලිස්පති කෙනෙක් පත් කරන්න බැරිනනම් ජනපතිට ඉල්ලා අස්වෙන්න යැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂනායකරවරයා මේ බව පැවසුවේ අද (26 ) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින්.

විපක්ෂනායකවරයා කියා සිටින්නේ වැඩබලන පොලිස්පතිවරයා පත් කිරීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති අවස්ථාවක ජනාධිපතිවරයාට වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කළ නොහැකි බව පැවසිම පිලිගත නොහැකි තත්ත්වයක් බවයි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ දේශබන්දු තෙන්නකෝන්ගේ පොලිස්පතිධුරය අධිකරණයෙන් අත්හිටවුවත් ඔහු අනීතික ලෙස සිවිල් ඇඳුමින් රාජකාරි කරමින් සිටින බවයි.