මෙච්චර කාලයක් රටේ දේපළ විකුණා දමන විට ඒවාට පක්ෂපාතිත්වයක් දැක්වූ මහින්ද රාජපක්ෂ පසුගියදා රජයේ දේපළ විකිණීම නතර කළ යුතුයි බවට වන ප්‍රකාශයක් නිකුත් කර තිබෙන බවත් මැතිවරණ ලං වන විට රාජපක්ෂ කඳවුර නැවත වතාවක් ජනතාව රවටිඅට උසාහ කරන බවත් සුජිත් සංජය මහතා පැවසීය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා මේ බව සඳහන් කළේය.

මෙය හුදෙක් ජනතාව මුලා කිරීම සඳහා දරන ප්‍රයත්නයක් බව අවධාරණය කරමින් ඒ මහතා කියා සිටින්නේ රට බංකොලොත් තත්වයට පත්කිරීමට මුලිකම වගකිවයුත්තන් වන රාජපක්ෂවරුන් කවදත් රටේ ජනතාව මුලා කර ඡන්දය ලබාගැනීමට උත්සාහ කරන බවයි.