පසුගියදා පාර්ලිමේන්තුවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පාර්සලයක් ගෙන ආ බව ආණ්ඩු පක්ෂයේ ඇමැතිවරු හා කථානායකවරයා පැවසු වත් හරින් ප්‍රනාන්දු මහතා එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරයි.

හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කියා සිටින්නේ ටෝච් එදින රැගෙන ආ බවත් එහිදී පොලිසියේ රාජකාරි වලට බාධා නොකළ බවත් එම අවස්ථාවේ ඇතිවූ තත්ත්වය පිළිබඳ CCTV දර්ශන ඉදිරිපත් කරන ලෙස ද, කථානායකවරයාගෙන් ඉල්ලා සිටියි.

සම්මුඛ සාකච්ඡාවට එක් වෙමින් කියා සිටියේ රන්ජන් රාමනායක මහතාගේ නිදහස වෙනුවෙන් ජිනීවා මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව ද, පැවසීය .

සමාජයට දැනෙන ආකාරයට විපක්ෂයේ භූමිකාව සිදු කරමීන් සිටින බව පැවසූ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් 90% ක්ම වර්තමානය වනවිට සිටින්නේ සමගි ජන බලවේගය සමග බවයි .