2019දී ශූරත්වය වීරත්වය ගැන සිතා වැරදි මාවත තෝරාගත් බවත්, එයින් වසර දෙකකට පසු සිද්ධ වුණේ මන්දපෝෂණය පිරුණු රටක් බිහි වීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ගැබිනි මව්වරුන්ට පෝෂණ සලාකයවත් ලබා දෙන්නට බැරි තරමට බංකොළොත් වී ඇති රටක ඇමති තනතුරු ලබා ගැනීමට හිත හදා ගත හැක්කේ කාටදැයි විපක්ෂ විපක්ෂ නායකතුමා එහිදී විමසා සිටියේය.
ගැබිණි මව්වරුන් වෙත වියළි සලාක ප්රදානය කිරීමේ වැඩසටහනක් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් සංවිධානය කරනු ලැබීය. එය, කොලොන්න තුංකම තෙරුන්නාන්සේගම විහාරස්ථානයේදී අද(14) පැවැත්විණි.
සෞඛ්‍ය සම්පන්න දරු පිරිසක් සහ මව්වරුන් පිරිසක් බිහි කිරීම පවා සුරක්ෂිත ජාතික ආරක්ෂාව වෙනුවෙන් වැදගත් වන බව එහිදී අවධාරණය කරනු ලැබීය.
මේ මොහොතේ කළ යුත්තේ ඇමති තනතුරු ඇතුලු තාන්න මාන්න වෙනුවට රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩගැනීම උදෙසා අවංකව කැප වීම බව පැවසූ විපක්ෂ නායකතුමා අවස්ථාවාදී තනතුරු වලින් තනතුරුවලින් එය කළ නොහැකි බවද පැවසීය.