අයථා මුදල් රැස් කිරීම්, බදු පැහැර හැරීම්, මුදල් විශුද්ධිකරණ කටයුතු ඇතුළු රහස් මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරන පැන්ඩෝරා පත්‍රිකා හරහා ලංකාවේ චරිත කිහිපයක් සම්බන්ධයෙන් නම් අනාවරණය වී අති බවත් එ පිළිබඳ වහාම හෙළිදරව්ව කරන ලෙස ආණ්ඩුවට බලකරමින් සජිත් ප්‍රේමදාස මහතා මධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
එය මෙසේ සදහන් වෙයි,
මෙය අතිශය බරපතළ තත්ත්වයකි.එහෙත්, පැනඩෝරා හෙළිදරව් කිරීම් හරහා මෙරට පුද්ගලයින්ගේ නම් කරලියට ඒම පිළිබඳව තවමත් ශ්‍රී ලංකාව නිල වශයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කොට ඇති අතර මේ බරපතළ හෙලිදරව්ව පිළිබඳව ආණ්ඩුවේ වගකිවයුත්තන්ගේ නිද්‍රාශීලී පිලිවෙත අතිශය කනගාටුදායකය.
අදාල හෙළිදරව් කිරීම්වලට අනුව අති විශාල ධනස්කන්ධයක් ඔවුන් සතුව ඇති අතර ඒවා උපයා ගෙන ඇත්තේ කෙසේදැයි රටට කරුණු අනාවරණය විය යුතුය.අදාල මුදල් ඔවුන් තැන්පත්කොට ඇති රටවල් කවරේදැයි අනාවරණය විය යුතුය.
මේ විශාල ධනස්කන්ධය උපයා ගැනීම සඳහා ඔවුන් කරන ලද ව්‍යාපාර මොනවාද ,දැනට කරමින් සිටින ව්‍යාපාර මොනවාද,රජයට හිමිවිය යුතු ආදායම් බදු ඔවුන් නිසි පරිදි ගෙවා තිබේද ,අදාළ මුදල්වල සැබෑ හිමිකරුවන් කවුද යනාදී ගැටළු රැසක් මේ වනවිටත් මතුවී තිබේ.මේ වනවිටත් ශ්‍රී ලංකාව පත්ව සිටින්නේ ඉතිහාසයේ අන් කවරදාටත් වඩා බරපතළ ආර්ථික අගාධයකට කඩා වැටී ය.
අත්‍යාවශ්‍ය ආහාර සහ එදිනෙදා අත්‍යවශ්‍ය දෑ සොයා ගැනීමට පෝලිම්වල දුක්විඳින ජනතාව රට පුරා දකින්නට හැක.දෙවසරක් තිස්සේ අධ්‍යාපනය කඩා වැටී ඇති අතර,ගුරුවරුන් වසරකට වැඩි කාලයක් සිය වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරමින් සිටී.කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන දහතුන් දහසකට වැඩි පිරිසකට ජීවිත අහිමි වී ඇති අතර, ඖෂධ මාෆියාව හේතුකොටගෙන තවත් විවිධාකාර රෝගීන් ජීවිතය සහ මරණය අතර සටනක යෙදෙමින් සිටී. ගොවි ජනතාව ඇතුළු සියලු කොටස් කබලෙන් ළිපට වැටී ඇති අතර,රටේ සමස්ත ආර්ථිකය බංකොලොත් තත්ත්වයට පත්වෙමින් තිබේ.
පැන්ඩෝරා අනාවරණයන් සමඟම බොහෝ රටවල් ඒ සම්බන්ධයෙන් ක්ෂණික ක්‍රියාමාර්ග ගැනීමට තීන්දු කොට ඇති අතර අසල්වැසි ඉන්දියාවත් පාකිස්ථානයත් තම රටවල සිදුව ඇති සිදුවීම් පිළිබඳව වහාම පරීක්ෂණ පැවැත්වීම ද තීන්දු කොට තිබේ.
එබැවින් මේ පිලිබදව විමර්ශනයට ආණ්ඩුව වහාම විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතුය.
ඊට අමතරව සියලු බලතල සහිත විශේෂ විමර්ශන කමිටුවක් හරහා අදාල හෙළිදරව් කිරීම පිළිබඳව විනිවිද පෙනෙන අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු ය.
අද වනවිට අතිශය ඛේදනීය තත්ත්වයක් උද්ගතව ඇති රටක් තුළ කෝටි ප්‍රකෝටි ගණන් අයථා ලෙස මුදල් ඉපැයූ සහ මූල්‍ය වංචනිකතාවයන්ට හසුවුණු පිරිස් පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් මෙවැනි හෙළිදරව් කිරීම් සිදුවන විට ඒවා දෙස නෑසූ කන් ව බලා සිටිය හැක්කේ එවැනි වංචාවන්ට සම්බන්ධ වූවන්ට සහ එවැනි කටයුතුවලට අනුබල දෙන්නන්ට පමණි.
එබැවින් ආණ්ඩුව වහාම මේ වංචනිකයින් පිළිබඳව ඇත්ත රටට හෙලිදරව් කළ යුතු අතර එහි සත්‍ය හෙළිදරව්වන තුරු සමගි ජන බලවේගය කොන්දේසි විරහිතව මේ රටේ පොදු ජනතාව සමග එක්ව නොනවතින අරගලයක් සිදුකරන බවද අවධාරණය කරමු.
සජිත් ප්‍රේමදාස,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු විපක්ෂ නායක සහ
සමගි ජන බලවේගයේ නායක.