පාස්කු ප්‍රහාරයෙන් පසු වසර හතරකට ආසන්න කාලයක්, රජය හා යුද හමුදාව පාලනයේ පැවති, මඩකලපුව පුනානි ප්‍රදේශයේ පිහිටි ශරියා විශ්ව විද්‍යාලය ඊයේ (20) නැවත වරක් නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාට භාරදීමට කරයුතු කර තිබෙනවා.

විශේෂත්වය වන්නේ පසුගිය දින Channel 4 මාධ්‍ය ආයතනය විසින් පාස්කු ප්‍රහාරය පිලිබදව කල හෙළිදරව්වෙන් පසු විපක්ෂයේ ඉල්ලීම මත පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන අද දිනට පෙර එනම් ඊයේ දිනයේදී මෙම විශ්ව විද්‍යාලය නැවත හිස්බුල්ලා හට පවරා තිබීමයි.

පාස්කු ප්‍රහාරයෙන් පසු රජය විසින් මෙම විශ්වවිද්‍යාලය කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් මෙන්ම ,වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස විටෙක රජය විසින් පවත්වාගෙන ගිය අතර කෝටි 800 වැඩි මුදල් ප්‍රමාණයක් වැය කර අරාබියේ සිටින ව්‍යාපාරිකයෙක් විසින් නැගෙනහිර ආණ්ඩුකාර එල්.එල්.ඒ. එම් හිස්බුල්ලාට මෙම විශ්ව විද්‍යාලය පරිත්‍යාග කර ඇති බවයි  සදහන් වන්නේ.

දේශපාලන කුමන්ත්‍රණයක් ලෙස වර්තමානයේ සමාජය තුල වැඩි කතාබහට ලක්ව තිබෙන පාස්කු ප්‍රහාරය පිලිබදව අද සහ හෙට යන දිනයන්හිදී පාර්ලිමේන්තු තුල විවාදයට බදුන් කෙරෙන අතර එම පාර්ලිමේන්තු විවාදයේ සජීවී දර්ශන මෙතනින් නැරඹිය හැකිය.