සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහත ඇත .

පාස්කු දින ප්‍රහාරය පිළිබඳව වු පරික්ෂණ ආණ්ඩුව යළිත් වෙනතකට යොමු කිරිමට දරන උත්සාහයක් පසුගිය දා කුලියාපිටිය අධිකරණයට ගොනු කල වාර්තාවක් තුලින් ඉස්මතු වේ.

එම වාර්තාවට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා ශේෂ්ඨාධිකරණයේ ගොනු කල මුලික අයිතිවාසිකම් පෙත්සම තුළින් ද පැහැදිලි වන්නේ එයයි.

පාස්කු ප්‍රහාරය පරික්ෂණ පිළිබඳව ශානි අබේසේකර මහතා අදාළ පෙත්සමෙන් ඉදිරිපත් කොට ඇති කරුණු විමසන විට ආණ්ඩුව සත්‍ය යටපත් කොට සුපුරුදු පරිදි අසත්‍ය සමාජගත කිරිමට සැරසෙන බව පෙනේ. මෙම වාර්තාව ඉදිරිපත් කිරිමට පදනම වන්නේ නිතිය හා සාමය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ කල ප්‍රකාශයක් පදනම් කරගෙන යොමුකල නිර්නාමික පෙත්සමක් බව ශානි අබේසේකර මහතා පෙන්වා දි ඇත. එම පෙත්සමෙන් අබේසේකර මහතා පෙන්වා දි ඇති කරුණු අතිශය වැදගත් වේ. තම පරික්ෂණ සදහා බුද්ධි අංශ නිලධාරින් සහාය නොදිම හිතාමතාම අවහිර කිරිම සහ පරික්ෂණ නතර කිරිමට කල බලපෑම් පිළිබදව සවිස්තරාතමක කරුණු හෙළිකොට තිබේ.

අති උතුම් කාදිනල් හිමිපානන් ද පවසන්නේ ආණ්ඩුව හිතාමතාම මේ පිළිබද සැබෑ තොරතුරු වසන් කරමින් කටයුතු කරන බවයි.අද වන විට ආණ්ඩුව පමණක් නොව නීතිපති දෙපාර්තමේන්තුවද විශ්වාස කල නොහැකි බව කාදිනල් හිමිපාණෝ පවසා තිබේ.

සැබෑ චුදිතයින් හෙලිදරව් වීම ආණ්ඩුව අපෙක්ෂා නොකරන බව පැහැදිලිය. එය ආණ්ඩුවට අහිතකර බලපැමක් බව මේ වන විට පැහැදිලි වි තිබේ. අබේසේකර මහතා ගේ පෙත්සමට අනුව ජාතික බුද්ධි සේවයේ හා හමුදා බුද්ධි සේවයේ ඇතැම් සාමාජිකයින් සහ සහරාන් ගේ සාමාජිකයින් ගේ සබදතාවන් ගැනද කරුනු හෙලිදරව් කොට තිබේ. සහරාන් අත්අඩංගුවට ගැනිමට සහාය නොදි ඇතැම් අවස්ථාවලදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් නොමග යැවු බවද හෙලි කොට තිබේ.

මේ මොහොතේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සෙවිමට නිසි විමර්ශනයක් කල හා ඒ පිළිබද තොරතුරු තිබු ශානි අබේසේකර ඇතුලු නිලධාරින්ට විරුද්ධව අනීතික ලෙස නීතිය ක්‍රියාත්මක කිරිමට උත්සාහ දරණුයේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු පිළිබදව සත්‍ය තොරතුරු සදාකල් වල දැමිමට ද යන්න අප ආණ්ඩුවෙන් ප්‍රශ්ණ කරමු.

එමෙන්ම මේ මොහොතේ ශානි අබේසේකර මහතා ඇතුලු නිලධාරින්ට එල්ල වී ඇති ආරක්ෂාව පිළිබද වු ගැටලුව දැඩි ලෙස අවධානය යොමුකරන අතර ඔවුනගෙ ජිවිත ආරක්ෂාවට ආණ්ඩුව වගකිව යුතු බවද අවධාරණය කරමු.

එමෙන්ම රටේ වැදගත් මෙහෙවරක නියලෙන රාජ්‍ය බුද්ධි අංශයේ සහ යුධ හමුදා බුද්ධි අංශයේ නිලධාරින් ගේ ගරුත්වය ඇතැමුන් ගේ ක්‍රියාකාරකම් තුලින් විනාශ වුවාද යන්න නිසි පරික්ෂනයක් තුලින් විමසා සුරකිමද ආණ්ඩුවේ වගකිමයි.