අද දිනය බෙහෙවින් අදුරු දවසක් බවත් පාස්කු ප්‍රහාරය මීට වසර තුනකට පෙර සිදු වූ ආකාරය යළි යළිත් සිහිපත් වන බවත් ඒ හරහා මෙරට එකට එක්ව සිටි ජනතාව එහෙමද භින්න වූ බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පැවසීය.


අද වන විට රට තුළ බරපතළ ව්‍යසනකාරී තත්ත්වයක් ඇතිවී තිබෙන බව පැවසු ඒ මහතා මේ රටේ තරුණ පරම්පරාව අරගල කරමින් සිටින බවද පැවසීය.ඔවුන්ගේ අරගලයේ ස්වරය තේරුම් ගත යුතු බව පැවසූ පැවසූ ඒ මහතා තරුණ නියෝජනය වෙනුවෙන් සාධනීය ඉඩකඩක් වෙන් කිරීමට සමගි ජන බලවේගය කටයුතු කොට ඇත්තේ තරුණයින්ගේ හර්දසාක්ශිය පිළිබඳව අවබෝධයක් ඇති නිසා බවද පැවසීය.