රටේ ව්‍යවස්ථාවට අනුව නියමිත දිනට අනිවාර්යෙන්ම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ අවශ්‍යතාවය පිළිබඳව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් අවධාරණය කර සිටිනවා.
පාර්ලිමේන්තු මැතිවරණයක් මේ අවස්ථාවේ රටට අවශ්‍ය නොවන බවට ඇතැම් දේශපාලන පක්ෂ මෙන්ම ඇතැම් පුද්ගලයින් අදහස් දක්වා තිබෙන පසුබිමක මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කරන්නේ එවැනි ප්‍රකාශ පිළිබඳව තමා පුදුමයට පත්වන බවත් ප්රජාතන්ත්රවාදය කෙරෙහි කිසියම් හෝ ගෞරවයක් තිබෙන පුද්ගලයෙකුගෙන් එවැනි ප්‍රකාශයක් බලාපොරොත්තු නොවිය හැකි බවයි.
පාර්ලිමේන්තු මැතිවරණයට එරෙහිව ඇතැම් පුද්ගලයික් කර ඇති ප්‍රකාශ ඍජුවම විවේචනය කරමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ ප්රජාතන්ත්රවාදයට එරෙහි එවැනි ප්‍රකාශ කරන පුද්ගලයින් හිට්ලර්ගේ හෝ මුසෝලිනි ගේ ඥාතියකු විය හැකි බවයි.
මැතිවරණ වසරක් තුලදී දේශීය දේශපාලන පටු අරමුණු ඉටුකරගැනීම සඳහාත් ජාත්‍යන්තර දේශපාලන පටු අරමුණු ඉටුකරගැනීම සඳහාත් කුප්‍රකට දේශපාලඥයින් රටේ ජනතාව බිල්ලට දෙමින් මෙවැනි ප්‍රකාශ කිරීම මෙරට දේශපාලන ඉතිහාසය දෙස බලන විට නිරන්තරයෙන් දැකගත හැකි අතර රටේ ජනතාව ඉතාමත්ම බුද්ධිමත්ව කටයුතු කළ යුතු කාලවකවානුවක මේ වන විට එළඹ ඇති බවයි එතුමා සඳහන් කරන්නේ.
රට තුල මැතිවරණ නොපවත්වා සිටීමට කිසිවෙකුටත් නොහැකි බවත් වසර තිහක යුද්ධයකින් අත්දැකීම් ලැබූ ජනතාවක් වශයෙන් ඉතාමත් සිහිබුද්ධියෙන් සිටිය යුතු බවයි ඉම්තියාස් බාකීර් මාකාර් මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටින්නේ.