පාර්ලිමේන්තු සභා ගර්භයේ මේ වන විට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. ඒ දෙමළ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් විරෝධතාවයක නිරතවීම හේතුවෙනි.
ඔවුන් පවසන්නේ පසුගිය 8 වැනිදා වවුනියාවේ හින්දු කෝවිලකදි පුජාවක නිරත් වූ පුද්ගලයින් 8දෙනෙකු පුරා විද්‍යා නිලධාරීන් විසින් කිසිදු පදනමක් නොමැතිව අත්අඩංගුවට ගෙන ඇති බවයි.
එම පුද්ගලයින් නිදහස් කරන මෙන් ඉල්ලා එම දෙමළ මන්ත්‍රීවරුන් විරෝධතාවයේ නිරත වෙයි.
එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ මෙම ගැටලුව පිළිබඳව කතානායකවරයා මැදිහත්වී සිදුවීම පිළිබඳව සොයාබැලීමට වහාම කටයුතු කරන ලෙසයි. ඉන්පසු විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවසුවේ අධිකරණය විසින් අත්අඩංගුවට ගත පුද්ගලයින් පිළිබදව අපක්ෂපාතීව කරුණු සොයාබලා ඉදිරි පියවර ගනු ඇති බවයි.