සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානි පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා විසින් සමගි ජන බලවේගය මහින් 16 වනිදා පැවැත්වු විරෝධතාවය පිළිබඳ Facebook සටහනක් පළ කර ඇත.
එය මෙසේය ,
සාපලත් ආණ්ඩුවට එරෙහිව අප කළ විරෝධතාවට දවස් දෙකකට පස්සේ මේ සටහන තියන්න මම කල්පනා කලා. ඒ විරෝධතාව සම්බන්ධ හොඳ වගේම නරක ගැනත් අපි උනන්දු වුණා. ඕනෑම විරෝධතාවක හොඳ වගේම හොඳ වගේම නරකත් තියෙන්න පුළුවන්. ඒ ඇත්ත පිළිගන්න අපි දෙවරක් හිතන්නෙ නෑ.
ඇත්තටම මේ සටහන ලියන්න මට හිතුනේ ඒ විරෝධතාවයේ තිබුන සාර්ථකත්වය ගැන නෙවෙයි. සාර්ථකත්වය මොන තරම් ද කියල ලෝකෙම දැක්කා. ආණ්ඩුවෙ මිලිටරි ජුන්ටාව, පොලිසියත් එක්ක එකතු වෙලා ලංකා ඉතිහාසයේ දාපු වැඩිම බැරියර් ප්‍රමාණය අපේ විරෝධතාවය නතර කරන්න දාලා තිබුණා. නැගිටින ජන බලයට ආණ්ඩුව බය විත්තිය අපි හොඳටම දන්නවා. හැබැයි විරෝධතාවට ආණ්ඩුව මේ තරම් බය වෙයි කියලා අපි හිතුවේ නෑ. ඇත්තටම ඒ විරෝධතාව මේ වියරු ආණ්ඩුවට එරෙහිව කරන අරගල මාලාවක ආරම්භය විතරයි.
මගේ හිතවත් වෛද්‍යවරයෙක් පසුගියදා ෆේස්බුක් ගිණුමේ පොඩි සටහනක් දාලා තිබුණා. මේ සටහනෙන් කියවුනේ අපි කළ විරෝධතාවය සාර්ථකයි, එහෙත් මේ ඒකට සුදුසු සෞඛ්‍ය තත්ත්වයක් ඇති වෙලාව නෙවෙයි කියලා.
ඔහුගේ අදහස ඇතුළුව බොහෝ අදහස් වලට අපි ගරු කරනවා. ඒ තමයි අපේ ශිෂ්ට සම්පන්න දේශපාලන ව්‍යාපාරයේ ස්වරූපය.
නමුත් ඒ සම්බන්ධයෙන් කරුණු කිහිපයක් කියන්න මම බලාපොරොත්තු වෙනවා.
ඔව්, ඇත්ත! මේ වෙලාවේ රට තියෙන්නේ බොහොම අනාරක්ෂිත තැනක තමා. සෞඛ්‍ය අතින් ඒ ප්රශ්නය සෑහෙන්න බරපතලයි තමා. හැබැයි ආණ්ඩුව ඒක එහෙම සලකනවා ද?
ලංකාවේ කොරෝනා ව්‍යසනය ආරම්භ වෙන වෙලාවේ ඒ ගැන මුලින්ම අනතුරු ඇඟවීම කළේ විපක්ෂ නායකතුමා ඇතුළුව අපි. ඒ වෙනකොටත් ආණ්ඩුව කරමින් හිටියේ ලංකාව කොරෝනාවලින් නිදහස් රටක්, ඒ නිසා සංචාරකයන්ට එන්න කියලා දැන්වීම් දාලා ආරාධනා කරන එක. “වගකිවයුතු ආණ්ඩුව” හැසිරුනේ එහෙම. ඊට මාස කීපෙකට පස්සේ ලංකාවේ මහ මැතිවරණය තියන්න දින නියම කළා. ඒ වෙනකොටත් කොරෝනා රෝගීන් පන්සියයකට වඩා වාර්තා වෙලා හිටියා. ඒ නිසා මැතිවරණය කල් දාමු කියලා අපිත් දිගින් දිගටම ආණ්ඩුවට කීවා. මේ ආණ්ඩුව කීවේ අපි කොරෝනා ජයගත් රටක් කියලා. ඒ අතරේ විසිවෙනි සංශෝධනය එන දවස් වෙනකොට පාර්ලිමේන්තුවෙන් පවා කොරෝනා රෝගීන් හමුවුණා. පාර්ලිමේන්තුව කල්දාමු කියලා අපි යෝජනා කරන කොට ආණ්ඩුව කීවේ කොරෝනාවල ප්‍රශ්නයක් නෑ කියලා.
coronaවලට එන්නත් ලෝකය පුරාම ජනප්‍රිය වෙනකොට අපි කීවේ වහාම කල්තියා කොරෝනා එන්නත් ගේන්න කියලා. හැබැයි ඒ වෙනුවට ආණ්ඩුව කළේ මුට්ටි සෙල්ලම සහ පැණි ප්‍රචාරණය. ලෝකෙම විද්‍යාව පස්සේ යද්දී, මිත්‍යාව පස්සේ ගියපු මේ දුර්දාන්ත ආණ්ඩුව ජීවිත දහස් ගානක් නිස්කාරණේ ආදාහනය කළා. ආදාහනාගාරයේ චිමිනි උඩින් ගිය දුම්රොටු අතර තිබ්බේ නිහඩ ඝාතනවල වේදනාව.
මේ රටේ තියෙන්නෙ මිනිස් ලේ සහ විලාප උඩින් බලය ගත්ත ආණ්ඩුවක්. බලය ලබා ගැනීම වෙනුවෙන් ඕනෑම මුග්ධ ක්‍රියාවක් කරන්න දෙවරක් නොසිතන කල්ලියක් අද රටේ බලය හොබවනවා.
ලංකාවේ ලක්ෂ ගානක් ගොවියෝ තමන්ගේ කුඹුරු දිහා බලාගෙන සුසුම් හෙළනවා. රැකියා අහිමි වෙච්චි කම්කරුවෝ ලක්ෂ ගානක් තමන්ගෙ දුක අහන්නේ නැති ආණ්ඩුවට සාප කරමින් වේදනාවෙන් බලන් ඉන්නවා. තරුණ පරම්පරාව ආන්ඩුවේ මහපොළොව උහුලන්නේ නැති වැඩ දිහා බලාගෙන අපේක්ෂා භංග වෙලා ඉන්නවා.
රටේ කොටස් කෑලි ගලවලා මහ රෑ ගිවිසුම් ගහලා අස්සන් කරලා විකුණලා දානවා. උහුල ගන්න බැරි ජීවන වියදම නිසා හැම ගෙදරකම වගේ දුක් වේදනාවේ විලාපය ඇසෙමින් තියෙනවා.
අන්න ඒ වේදනා විඳින මිනිසුන්ගේ පීඩනය අපි මහපාරට අරගෙන ඒම වරදක් ද? රටේ ගොවි ජනතාවගේ ජාතික සම්පත් කුනු කොල්ලයට කොල්ල කාපු අදානිලාට විරුද්ධව ඉන්දියාවේ ලක්ෂ ගණන් ගොවියෝ පාරට බැස්සේ කොරෝනා ඒ රටේ තියෙද්දී තමයි. කොරෝනා අපිට සෞඛ්‍යමය ප්‍රශ්නයක් උනාට ආණ්ඩුවට ඒක ධන නිධානයක්. කොරෝනාවට මුවාවෙලා තමයි ආණ්ඩුව හැම තක්කඩිකමක්ම කරන්නේ. අහිංසක මනුස්සයෙකුට ලබාදෙන්න ගේන එන්නතෙන් පවා හොරා කන අධම පාලනයකට එරෙහි ජනතා අරගලය පාර්ලිමේන්තුව ඇතුළේ පුටු රත් කරමින් විතරක් කරන්න බැහැ කියන එක ඇත්ත දන්න ඕනම කෙනෙකුට පැහැදිලියි.
ඒ නිසා තමයි අපි මේ අරගලය මහපාරට ගෙනාවේ.
පෞද්ගලිකව මම මේ අරගලයට මැදිහත් වුණේ එහෙම අරගලයක් මහ පාරේ කරන්න පුළුවන් සෞඛ්‍ය තත්ත්වයක් මට නැති බව වෛද්‍යවරුන් පවා කියලා තියෙද්දී. මගේ හදවතේ බරපතළ සැත්කමක් කරලා තවම මාසයක්වත් නෑ. වෛද්‍යවරු මට කිව්වේ නිශ්චිතවම මාස තුනක් විවේක ගන්න කියලයි. හැබැයි අපි දේශපාලන සත්වයෝ. උඩ ඉන්න දෙවියන්ගේ නාමයෙන් මම සහතිකව කියනවා, මම මේ දේශපාලනය කරන්නේ එය රටට කුමක් හෝ යහපතක් කළ යුතුයි කියන ඒකායන අධිෂ්ඨානයෙන් විතරයි. ඒ වෙනුවෙන් ගොඩනැගෙන අරගලය තියෙන්නෙ කොතැනද, එතැන හරින් ප්‍රනාන්දු ඉන්නවා.
නීතිය අපිට එකක්, ආණ්ඩුවට තව එකක් වෙන්න බැහැ. මහ සෙනගක් ගෙනැවිත් පදවිප්‍රාප්තිය සමරන්න ආණ්ඩුවට අයිතියක් තියෙනවා නම්, මේ රටේ ගුරුවරු මහ පාරේ කරන අරගලයට අයිතියක් නැද්ද? දහස් ගණන් සෙනග රැස් කරලා පොහොට්ටුවට තමන්ගේ සංවත්සර සමරන්න පුළුවන් නම්, මේ රටේ මිනිස්සුන්ට මහ පාරට බැහැලා තමන්ගේ පුංචි අයිතිවාසිකම ඉල්ලන්න අයිතියක් නැද්ද? සෞඛ්‍ය ඔවුන්ට එකක්, අනෙකාට තව එකක් වෙන්නෙ කොහොමද?
අන්න ඒ නිසා, අපි ඒ අරගලය කළේ ජනතාව වෙනුවෙන් ද, නැද්ද කියන එක ඉතිහාසය විසින් තීන්දු කරයි.
අපි නිහඬ අරගල කරන හැම මොහොතකම සමහරු අපිට කීවේ කෝ විපක්ෂය නිදි ද කියලා. අරගලය මහපාරට අරගෙන එනකොට දැන් කියනවා මේ වෙලාවේ මහ පාරේ උද්ඝෝෂණ කරන්නේ ඇයි කියලා.
පහුගිය දාක ස’ කියනවා, අලුත් බලවේගයකට ඉඩ දෙන්න කියලා. අන්න ඒ බලවේගය තියෙන්නෙ සමගි ජන බලවේගයේ කියලා ජනතාවගේ හෘද සාක්ෂිය දන්නවා. අපිට ඕන වුණේ අලුත් ගමනක් යන්න. ඒ ගමන සම්ප්‍රදායෙන් බැහැර වෙච්ච නූතනවාදී ගමනක්. මහබැංකු හොරු නැති, පාස්කු චූදිතයෝ නැති, ඩීල්කාරයෝ නැති ජනතාවාදී ගමනක්. මගේ වත්මන් නායකයා ප්රමුඛ සියලු දෙනාට තිබෙන්නේ මේ රට නව මාවතකට රැගෙන යාමේ ඕනෑකමක්.
මම ආපහු කියනවා, මේ ආණ්ඩුව කුණු ලේ පාට ආණ්ඩුවක්. ඒ අයගේ බල ව්‍යාපෘතියේ අඳුරු ලේ පැල්ලම් කිසිම පාවඩයකට වහන්න බැහැ. මොනව නැතත්, උඩ ඉන්න දෙවියන්ගෙන් සහ ස්වභාවධර්මයෙන් ගැලවෙන්න කාටවත් බැහැ. සාපයේ පාපය ඒකාන්තවම පිටි පස්සෙන් පන්නනවා.
ස’ පත්වෙලා පළවෙනි අවුරුද්ද යනකොට ස’ ෆේල්. දැන්, දවස ගානේ, මොහොතක් ගානේ අපිට පේන්නේ ෆේල් වෙච්චි ස’ට දැන්නම් හොදටම පි…….. කියලයි.
හරින් ප්‍රනාන්දු