10 වන වරටත් අභිමානවත් ලෙස සංවිධානය කර තිබූ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් 46 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව ප්‍රධානය උත්සවශ්‍රීයෙන් බේරුවල අබ්රාර් අධ්යාපන පදනම විසින් පසුගියදා (09) දින බේරුවල සෑම් රිෆායි හාජියාර් විද්යාලයේ දී පලස්තීන තානාපති Dr.Zuhair M.H Zaid මැතිතුමාගේ හා තුර්කි තානාපති Her Excellency R. Demet Şekercioğlu මැතිනියගේ ප්රදානත්වයෙන් පවත්වන ලදි.
මෙම අවස්තාව සඳහා අබ්රාර් පදනමේ අනුශාසක ⁣පාර්ලිමේන්තු මන්ත්රී ඉම්තියාස් බාකිර් මාකාර් මැතිතුමා, බේරුවල හිටපු නගරාධිපති අල් හාජ් මසාහිම් මොහොමඩ් මැතිතුමා, අබ්රාර් පදනමේ වත්මන් සභාපති අල්හාජ් නිසාම් මහතා, ලේකම් ආචාර්ය අස්වර් අසීම් මහතා, භාණ්ඩාගාරික අල්හාජ් හලීම් ඒ අසීස් මහතා ඇතුළු පදනමේ සාමාජිකයින්, අනුග්රහකභවතුන් සහ ප්රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටින ලදි.
දැනුමෙන් ඉදිරියට යන්නේ කෙසේද? අපි ශක්තිමත් විය යුත්තේ කෙසේද? යන තේමාවන් පෙරටු කරගනිමින් හරවත් දේශනයක් කොළඹ මුස්ලිම් බාලිකා විද්යාලයේ ගරු විදුහල්පති නස්රියා මුනාස් මැතිණිය විසින් දරුවන්ට ලබාදෙන ලදි.
මෙවර මෙම ශිෂ්යත්ව ලබාදීමේ උත්සවයේ වැදගත්කම වන්නේ අබ්රාර් පදනම පිහිටුවා වසර 10 ක් ගතවීමයි. අඛණ්ඩව වසර 09 ක් අඩු ආදායම්ලාභී දරුවන් සඳහා මෙම පදනම විසින් ශිෂ්යත්ව ලබාදීම් සිදුකර ඇත.