මහචාර්ය ජී.එල් පිරිස් මහතා කියන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ගුරුවරයෙකු බවත් තමන්ගේ ගුරුවරයාට සට්ටැබිරාල කියන තත්ත්වයකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පත්ව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පැවැසීය.
කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා මේ බව සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා මෙසේ පැවැසීය.
‘‘රටේ සිටින තරුණ පරම්පරායට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සීයා කෙනෙක්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ කුලියාපිටියට ලංකාවේ සිටින සියලුම පළාත් පාලන අපේක්ෂකයන්ව ගෙනල්ලා පොඩි විනෝදයක් ගත්තා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කුලියාපිටියේ පැවැති ජන රැළිය නම් කරලා තිබුණේ සැබැව කියලා. 2017.01.07 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කුලියාපිටියේදී කිව්වා වොක්ස් වැගන් කර්මාන්ත ශාලාවක් ආරම්භ කරනවා කියලා. වොක්ස් වැගන් කර්මාන්ත ශාලාවක් කෙසේවෙතත් බයිසිකලයක් හදන කර්මාන්ත ශාලාවක්වත් ජනාධිපති රනිල් වික්‍රමසිංහට හදා ගන්න බැරි වුණා. වොක්ස්වැගන් කර්මාන්තශාලාවක් කුලියාපිටියේ හදනවා කියලා ජනතාව රැවැට්ටුවා වගේම ජනතාව රවට්ටන වැඩක් තමයි සැබැව කියලා කුලියාපිටියේදී පැවැත්වුවේ.
මාස 17 ක කාලයක සිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලංකාවේ විවිධ පළාත්වල සංචාරය කරනවා. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සංචාරයකට ගිය අවස්ථාවේ ඔහු කිව්වා ත්‍රිකුණාමලය ආයෝජන කලාපයක් කරනවා කියලා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංචාරයකට ගිය අවස්ථාවේ ඔහු කිව්වා නුවරඑළිය දිස්ත්‍රික්කය සංචාරක කලාපයක් කරනවා කියලා.
ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරයකට ගිය අවස්ථාවේ ඔහු කිව්වා ගාල්ල පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති කලාපයක් කරනවා කියලා. මේවැනි දේවල් කිව්වට තවම කිසිදු දෙයක් රට වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදුකරලා නෑ.2024 දී රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුනොත් ඔහු අවුරුදු 80 පැනපු ජනාධිපතිවරයෙක්. අවුරුදු 80 පැනපු ජනාධිපතිවරයෙකුට රටේ තරුණ පරම්පරාව පිළිබඳව කිසිදු හැඟිමක් නෑ. එවැනි ජනාධිපතිවරයෙකුට රටේ ඕනෑම දෙයක් විකුණන්න පුලුවන් , රටේ ඕනෑම දෙයක් නැති කරලා දාන්න පුලුවන්. ඕන තරම් ණය ගන්න පුලුවන්. එහෙම වුණාම රටේ ජනාධිපති නෙවෙයි ණය කාරයා බවට පත්වෙන්නේ ණය කාරයෝ වෙන්නේ රටේ තරුණ ප්‍රජාව.”