පක්ෂ නායකයින් ගේ 95% කගේ ඉල්ලීම පරිදි තීන්දුව ජනාධිපතිවරයා කථානායකට දැනුම් දී තිබුණා ඒ අනුව රාත්‍රී වන විට ජනාධිපතිවරයා ලබන 13න් වැනිදා ජනාධිපති ධුරයෙන් අස් වෙනවා කියලා කතානායකට දැනුම් දී තිබුණා බව ඊයේ (10) විපක්ෂනායක කාර්යාලයේ පැවතී මාධ්‍ය හමුවට සහබාගී වෙමින් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.

ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ රංජිත් මද්දුම බණ්ඩාර මහතා.

ඊයේ වන විට මේ රටේ තිබුණු විශාලතම අරගලයක් තිබුණා එහිදී ලක්ෂ ගානක් කොළඹට ඇවිල්ල කිව්වා විධායක ජනාධිපතිට හා අගමැති ඇතුළු රජයට ගෙදර යන්න කියලා.ඉතිහාසයේ ප්‍රථම වරට ජනාධිපති මන්දිරයත් ජනාධිපති ලේකම් කාර්යාලයත් අරලියගහ මන්දිරයත් අරගල කරුවන් ගේ ග්‍රහණයට ලක්කර ගත්තා අපි වගකිව යුතු විපක්ෂය විදිහට රට අරාජික වෙලා තියෙන වෙලාවේ කතානායකතුමාට ඉල්ලීමක් කළා පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයෝ කැඳවන්න කියලා ඒ අනුව ඊයේ පක්ෂ නායකයින්ට zoom තාක්ෂණය ඔස්සේ රැස්වීමක් තිබුණා එහිදී තීරණ කළා ජනතාව මේ අරගලයට බැහැලා ජනාධිපතිට සහ අගමැති ඉල්ලා අස්වෙන්න කියනවා ඒ අනුව පක්ෂ නායකයින් ගේ 95% කග් ඉල්ලීම පරිදි තීන්දුව ජනාධිපතිවරයා කථානායකට දැනුම් දී තිබුණා ඒ අනුව රාත්‍රී වන විට ජනාධිපතිවරයා කතානායකට දැනුම් දී තිබුණා ලබන 13න් වැනිදා ජනාධිපති ධුරයෙන් අස් වෙනවා කියලා ඒ වෙලාවේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලන්නේ මේ ප්‍රශ්නය දැන් ප්‍රජාතන්ත්‍රවාදීව විසඳමු ඒ සඳහා සියලු දෙනා එකතු වෙලා කටයුතු කරමු .

ඊයේ රාත්‍රියේ අගමැතිතුමාගේ ගෙදර ගිනි බත් කරල තියෙනවා එවැනි කටයුතු අපි අනුමත කරන්නේ නෑ ඒ සිද්ධිය අපි තරයේ හෙළා දකිනවා. ඒ වගේම රටේ ගෞරවනීය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා සාමකාමීව ප්‍රශ්න විසඳගමු කියලා . රජයේ දේපළ වලට වත් ජනතාවට වත් හානියක් නොකර මේ කාරණය අපි විසඳාගමු. ඒ විතරක් නෙමෙයි අද විපක්ෂය මේ ප්‍රශ්නයට උත්තරයක් විදියට දිගින් දිගටම ඉල්ලා සිටියා සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදමු කියලා මේ රටේ මහා සංඝරත්නයත් කාදිනල් වහන්සේත් ආගමික නායකයින් සිවිල් සංවිධාන නීතිඥ සංවිධාන සියළු සංවිධාන ඉල්ලා සිටියේ මේ ප්‍රශ්නයට සියලු දෙනා එකතුවෙලා විසඳාගමු කියලා .විපක්ෂයේ ප්‍රධාන පක්ෂය විදිහට සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාත් සියලු පක්ෂත් එක්ක මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්න සාකච්ඡා කරනවා මේ සම්බන්ධව විපක්ෂයේ සියලු පක්ෂ එක්ක සාකච්ඡාව පවත්වා තියෙනවා තවමත් පවත්වාගෙන යනවා ඒ වගේම ආණ්ඩු පක්ෂයේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට කැමැත්ත ප්‍රකාශ කරන අනුමැතිය දීලා තියෙන කණ්ඩායමත් එක්ක කතා කරල තියනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉතාම ඉක්මනින් මේ අර්බුදය ප්‍රජාතන්ත්‍රවාදීව විසඳගන්න අවශ්‍ය කටයුතු කරන්න. ඒ වගේම සර්වපාක්ෂික සියලු දෙනාට අපි ආරාධනා කරනවා පක්ෂ පාට භේද අතහැරලා රට වෙනුවෙන් කටයුතු කරමු සියලු දෙනාම එකට එකතු වෙලා කටයුතු කරමු කාටවත් මේ ප්‍රශ්නේ වගකිවයුතු දේශපාලන පක්ෂ විදිහට ප්‍රජාතන්ත්‍රවාදී රටාව තුල මග හරින්න බැහැ. මේ රටේ සිංහල බෞද්ධ පක්ෂවලට ක්‍රිස්තියානි කතෝලික නියෝජනය ද්‍රවිඩ ඉස්ලාමීය නියෝජ්‍යත්වයට අපි ආරාධනා කරනවා සියලු දෙනා එකතු වෙනවා මේ ප්‍රශ්නය විසදන්න එකතු වෙමු අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ගෙන දැවෙන ප්‍රශ්නවලට උත්තරයක් දීලා ඉතා ඉක්මනින් ජනතාවගේ කැමැත්ත තුළ රජයක් පිහිටුවා ගන්න මහ මැතිවරණයකට යමු කියලා අපි යෝජනා කරනවා.

සාමාන්‍ය ලොක දේශපාලන ක්‍රමයේ ආණ්ඩුවක් කඩා වැටුනම ජනාධිපති අස් වුණාම විපක්ෂ නායකවරයාට තමයි ඊළඟ නායකත්වයට ඉල්ලීම් කරන්නේ සහ නම් කරන්නේ නමුත් අපි වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීව අති බහුතරයක් සහිතව පත් කර ගැනීමේ ක්‍රමවේදය තමයි අපි යෝජනා කරන්නේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ පොහොට්ටුවේ කෙනෙක් නැවත ජනාධිපති කරන්න නෙමෙයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ සර්ව පාක්ෂිකව සියලු දෙනා එකතුවෙලා රට ගොඩනගන්න පොහොට්ටුවේ දක්ෂ අය ඉන්නවා ඒ අය සමඟ සාකච්ඡා කරලා තීරණයකට එනවා.