නව වැඩබලන නීතිපතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා අද (01) උදෑසන දිවුරුම්දී තිබෙනවා.
නීතිපතිවරයෙක් නොමැතිව රටේ කටයුතු ක්‍රියාත්මක වන මොහොතක වගකිවයුතු කිසිදු පාර්ශ්වයක් ඒ සම්බන්ධයෙන් කතා නොකිරීම පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරමින් චන්දිම වීරක්කොඩි මහතා පසුගියදා (29) දිනයේදී ප්‍රකාශ කලේ සුදුසුකම් සපුරා තිබෙන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වැඩබලන නීතිපතිවරයා ලෙස හෝ වහාම පත් කරන ලෙසයි.
ජනාධිපති ඇතුළු ආණ්ඩුව අධිකරණයට සිදුකරන චෝදනා පිළිබඳව විවේචනය කරමින් චන්දිම වීරක්කොඩි මහතා පසුගියදා විපක්ෂ නායක කාර්යාලේ පවතී මාධ්‍ය හමුවට එක්වෙමින් වැඩිදුරටත් පැවසූ අදහස්.
‘‘ජනාධිපතිවරයාගේ ධූර කාලයේ අවසන් දින කිහිපය තුළ රටේ ප්රජාතන්ත්රවාදයට තිත තියන්න ජනාධිපතිවරයා උත්සහ කරනවා. රටේ අධිකරණ පද්ධතිය දුර්වල කරලා අධිකරණ පද්ධතියට ප්‍රහාර එල්ල කරන්න ජනාධිපතිවරයා කටයුතු කරනවා. රටේ ප්රජාතන්ත්රවාදයට විය හැකි හානිය පිළිබඳව සිතන්නේ නැතිව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව තුළදී ද අධිකරණයට චෝදනා එල්ල කළා.
ඒ වගේම ජනාධිපතිවරයා දෙවතාවක් නීතිපතිවරයාගේ ධූර කාලය දීර්ඝ කරන ලෙස ව්‍යවස්ථාදායක සභාවට යෝජනා ඉදිරිපත් කළා. නමුත් එම යෝජනා ප්‍රතික්ෂේප කරන්න ව්‍යවස්ථාදායක සභාව කටයුතු කළා. ඒ සම්බන්ධයෙන් රටේ ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරන පිරිසට සමගි ජනබලවේගය ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් පැවරි තිබෙන කාර්යයන් පැහැර හරිමින් කටයුතු කරන ආකාරයක් දකින්න තිබෙනවා.
පසුගිය සිකුරාදා නීතිපති වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරන රජයේ අධි නීතිඥවරුන් , නියෝජ්‍ය අතිරේක සොලිසිටර් ජනරාල්වරුන් රටේ උසාවිවල පෙනී සිටියා. නීතිපතිවරයෙක් නැතිව නීතිපතිවෙනුවෙන් පෙනී සිටිම නීත්‍යානුකූල ද කියන ප්රශ්නය මතුවෙනවා. මේ වනතුරු වැඩබලන නීතිපතිවරයෙකුගේ නමක්වත් යෝජනා කරලා නෑ. මෙයින් පෙනෙන්නේ රටේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීම , යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය ස්වාධීනව සිදුකිරීමේ ක්‍රියාවලියට බලපෑම් කිරිමට ජනාධිපතිගේ තිබෙන අවශ්‍යතාවයයි. ලෝකයේ කිසිදු රටක නීතිපතිවරයෙක් නොමැතිව ඉදිරියට ගමන් කරලා නෑ. ඒ නිසා සිකුරාදා දිනයේදී විභාග වුණ නඩු සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙනවා. ඒ වගේම සිකුරාදා සිට නඩු පැවරීමේ හැකියාවක් නෑ. නීතිපති නොමැති අවස්ථාවක නඩුවක් පැවරීම සිදුකිරීම නීත්‍යානුකූලද කියන ප්රශ්නය මතුවෙනවා. රජයේ අධි නීතිඥවරුන්ගේ හිගය හේතුවෙන් විවිධ නීතිඥවරුන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින අවස්ථාවන් බහුලව තිබෙනවා. එවන් ආකාරයට මහාධිකරණයක හෝ වෙනත් අධිකරණයක නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටීම මත ඉදිරිපත්වන නීතිඥවරුන් නීත්‍යානුකූලද කියන නීතිමය ප්රශ්නය රටේ ඇතිවෙලා තිබෙනවා.
නීතිපතිවරයා විශ්‍රාම ගියාම එම තනතුරට පත්වෙන්නේ රටේ සොලිසිටර් ජනරාල්වරයා. කිසිදු චෝදනාවක් නැති , ගෞරවාන්විත සේවාවක් සිදුකරන සොලිසිටර් ජනරාල් තනතුරේ සිටින අයේෂා ජිනසේන මහත්මියගේ නම නීතිපතිවරයා ලෙස හෝ වැඩබලන නීතිපතිවරයා ලෙස නම් නොකට නැවත උත්සහ කරන්නේ ජනාධිපතිවරයාට ගැලපෙන ආකාරයට කටයුතු කරන්න සුදානම්ද කියන වචනය ගන්නද කියලා සැකයක් මතුවෙනවා. ජනාධිපතිවරයාට අභිමතානුසාරි බලයක් තිබෙන්න බෑ. වෘත්තියකයන් ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ දක්ෂ ලෙස කටයුතු කළ නිලධාරින් ජනාධිපතිවරයාට අවශ්‍ය ආකාරයට තනතුරුවලට පත් කරන්න කිසිදු බලයක් නෑ. ඒ වගේම නීතිපතිවරයෙක් නොමැතිව රටේ කටයුතු ක්‍රියාත්මක වන මොහොතක ඒ සම්බන්ධයෙන් කතා නොකිරිම පිළිබඳවත් සමගි ජනබලවේගය කණගාටු වෙනවා. සුදුසුකම් සපුරලා තිබෙන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වැඩබලන නීතිපතිවරයා ලෙස වහාම පත් කරන්නැයි සමගි ජනබලවේගය රජයෙන් ඉල්ලා සිටිනවා.
ඒ වගේම දිගින් දිගටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව රට ඉදිරියට ගෙනයාමට කටයුතු කළොත් ජනාධිපතිවරයාට එරෙහිව ක්‍රියාත්මක කළ හැකි ක්‍රියාදාම පිළිබඳව නිතිඥයෙකු වන ජනාධිපතිවරයා දන්න බව සමගි ජනබලවේගය විශ්වාස කරන බවත් එ් නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය නොකරන ආකාරයට කටයුතු කරන්නැයි සමගි ජනබලවේගය ජනාධිපතියරයාට දැනුම් දෙන්න කැමැතියි”