වත්මන් නීතිපති සංජේ රාජරත්නම්ට මාස 6ක සේවා දිගුවක් ලබා දීමට ජනාධිපතිවරයා උත්සාහ දරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස් පවසනවා.

එවැනි ආකාරයේ දෙයක් මීට පෙර සිදුව නොමැති බවයි අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මෙලෙස දීර්ඝ කරන කාලය තුළ මැතිවරණ ව්‍යාපාර පැවැත්වෙන බවත්, සාධාරණ මැතිවරණ ව්‍යාපාරයක් පැවැත්වීම සම්බන්ධයෙන් බරපතල ගැටලු මතුවිය හැකි බවද ඔහු සඳහන් කළා.

එම සේවා කාලය දීර්ඝ කිරීමට රජය පාර්ශවයෙන් ඉදිරිපත් කර ඇති තොරතුරු පිළිගන්නා අය මන්දබුද්ධිකයන් විය යුතු බවත්, පාස්කු ප්‍රහාරය, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හා ණය ප්‍රතිව්‍යුහගත කරන සාකච්ඡා සඳහා ඔහු සිටිය යුතු බවට රජය පාර්ශවයෙන් කරුණු ඉදිරිපත් කර ඇති බවද ඔහු පෙන්වා දෙනවා.

මෙය සිදුකරන්නේ යටි අරමුණක් ඉටුකර ගැනීම සඳහා ගන්නා කූට උත්සාහයක් බවට සිතීමට ඕනෑ තරම් කරුණු කාරණා ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස් වැඩිදුරටත් සඳහන් කළේ.