ඉලංගෛ තමිල් අරසු කච්චිහි නව නායකයා ලෙස තේරී පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් මහතා නිලවශයෙන් පත්වීමටත් පෙර එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
පසුගියදා (ජනවාරි 21) ශ්‍රීධරන් මහතා ඡන්ද 184ක් ලබා ගනිමින් එම පක්ෂයේ නිලවරණයෙන් නායකයා ලෙස තේරී පත්වුනා.
ශ්‍රීධරන් මහතා ඉල්ලා අස් වූ බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක මාවයි සේනාධිරාජා හා පක්ෂයේ පාලනාධිකාරිය වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
කෙසේ වෙතත් පක්ෂයේ ජාතික මහා සම්මේලනය පසුගියදා ත්‍රිකුණාමලයේදී පැවැත්වීමට සූදානම්කර තිබුණු අතර නව නායකයා නිල වශයෙන් පත්කිරීමද මෙදින සිදුකිරීමට නියමිතව තිබිණි.
කෙසේ වෙතත් ඉලංකයි තමිල් අරසු පක්ෂය මධ්‍යම කාරක සභාව රැස්වූ ආකාරයත් නායකත්වය තෝරාගත් ආකාරයත් පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බව කියමින් පක්ෂ නියෝජිතයකු විසින් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළ නඩුවකට අනුව ලබාදුන් තහනම් නියෝගයක් මත පක්ෂ ජාතික මහ සම්මේලනය නොපැවැත්විණි.