උඩවලව ජල ප්රශ්නයේදී කෘෂිකර්ම ඇමතිවරයා නිලධාරීන් පිට වරද පටවලා ඇඟ බේරගන්න කටයුතු කරනවා නම් ඇමතිවරයෙක් අවශ්‍ය නැති බවත් ඇමතිවරයාගේ එම ප්‍රකාශය ඉතාමත් බරපතළ බවත් එම අර්බුදය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා කෘෂිකර්ම ඇමතිවරයාට, වාරිමාර්ග ඇමතිවරයා හා අගමැතිවරයාට ද පාර්ලිමේන්තුවේදී අවධානය යොමු කිරීමට හඩ අවදි කර බවත් අද විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවට සහබාගී වෙමින් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.
ඊට අමතරව රට තුල ඇති වෙලා තිබෙන සෞඛ්‍යය ගැටළු සඳහා විපක්ෂයක් වශයෙන් ඇමතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් බාර දී ඇති බවත් මහජන පෙත්සමක්ද අත්සන් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයට ද ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බවත් මේ තුළින් බලාපොරොත්තු වන්නේ සෞඛ්‍ය තවත් වැට්ටීමට නොව නිවැරදි කිරීමක් බවත් එහි වගකීම සෞඛ්‍ය ඇමතිවරයාට පමණක් නොව ජනාධිපතිවරයාද භාරගත යුතු බවත් හැමදාම ජාතිය අමතා අභියෝග ගැන කතා කරනවා වෙනුවට ජාතික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන ලෙසට ඒ මහතා ආණ්ඩුවට ඇත දිගු කොට පැවසීය.