චීන කසල පොහොර රැගත් නැව ලංකාව වටේ කැරකෙමින් තිබෙන බවත් එම නැව ලංකාවට භාර නොගෙන නැවතත් චීනයට යවන ලෙසත් එහි පාඩුව ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගෙන් අය කර ගන්නා ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණි කවිරත්න කියා සිටියාය.
කාසල පොහොර හා නැනෝ පොහොර ගෙන් විමෙන් කොමීස් ගහපු සල්ලි ඔවුන් සතුව පවතින බවයි මන්ත්‍රීවරිය පවසන්නේ .
නැනෝ පොහොර ගෙන් විම මගින් වංචාවක් සිදු වි ඇති බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පිළිගෙන ඇතැයි පැවසූ මන්ත්‍රීවරිය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් ඉල්ලා සිටියේ නැනෝ පොහොර ගෙන්විමට ඔහු සම්බන්ධ නොමැති නම් නැනෝ පොහොර ගෙන්විම මගින් වංචාව සිදු කළේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ද ? යන්න පවසන ලෙසයි .
දැන් මහින්දානන්ද අලුත්ගමගේ මහතාට සිදු වී ඇත්තේ සිරිසගබෝ වී මටත් තමන් නොකර වරදකට බෙල්ල තෑබිමට සිදු ව ඇති බවයි රෝහිණි කවීරත්න අද පාර්ලිමේන්තුවේදී කියා සිටියාය .
නැනෝ නයිට්රජන් මිලි ලීටර් 500 ක් සදහා ඉන්දියාවේ මිල ඩොලර් 3.23 වන බවත් ලංකාවට ගෙන් වීමෙන් මිල ඩොලර් 12.45 ක් වන බවත් එමගින් ඩොලර් 7ක වංචාවක් සිදු වි ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණි කවිරත්න කියා සිටියාය.
සටහන – CJ