මුස්ලිම් කොන්ග්‍රසයේ එකගතා නොසලකා ආණ්ඩු පක්ෂයට සහය දුන් නසීර් අහමඩ් මහතාගේ පාර්ලිමේන්තු අසුන අහිමි වීමෙන් පසු මුස්ලිම් කොංග්‍රසයෙන් නැවත වතාවක් පාර්ලිමේන්තුවට පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානා ඊයේ දිනයේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට එක්ව සිටීම විශේෂත්වයක් විය.

නසීර් අහමඩ් නසීර් අහමඩ්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂනායක කාර්යාලයේදී මෙම රැස්වීම පවත්වා තිබූ අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සියල්ලම පාහේ මෙයට සහබාගී විය.

එහිදී අලි සහීර් මවුලානා මහතා ඉදිරියේදී සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂ සන්ධානය සමග එක්ව දේශපාලන කටයුතු සිදුකිරීමට සූදානම් බවද සදහන් කොට ඇති බව දැනගන්නට ඇත.