විජේදාස රාජපක්ෂ මහතා අධිකරණ ඇමති ධුරයෙල් ඉල්ලා අස්වූ පසු නව අධිකරණ අමාත්‍යවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති යටතේ අධිකරණ ඇමතිධුරය දැරූ, දැනට විදේශ කටයුතු අමාත්‍ය ධූරයේ කටයුතු කරන අලී සබ්රි දිවුරුම්දී තිබෙනවා.

අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ විජයදාස රාජපක්ෂ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබුනේ එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපතිවිම සඳහායි.

අධිකරණ අමාත්‍යවරයා ලෙස පත්කළ අලී සබ්‍රි මහතා එකල ජනාධිපති ගොටභය රාජපක්ෂගේ ඉතාමත් ළඟ හිතවෙතෙකු ලෙස කටයුතු කළ අතර ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළ පරිදි ඔහුගේ නඩු 35කට පමණ ප්‍රමාණයකට නීතිඥයා වශයෙන් කටයුතු කර තිබුනේ අලී සබ්‍රි මහතායි.