එදා ගෝඨාභය රාජපක්ෂ එලවීමේ අරගලයේ මූලිකත්වය ගත්තේ ගොවි ජනතාව බවත් ගොවියන් විනාශ කළ ගෝඨාභය එලවා දමා රට නැවතත් ගොඩ නැගීමට කටයුතු කළත් මේ ගොවිජනතාව රටේ ආර්ථිකයේ ගොවි ජනතාව බැවින් ගොවියන්ගේ අවශ්‍යතා ගැන සංවේදී වන රජයක් රටට අවශ්‍ය බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පැවසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ පසුගිය දා පොළොන්නරුවේ පැවැති සමගි ජන බලවේගයේ ජන පවුර වැඩසටහන හා එක්වෙමිනි.
වික්‍රමසිංහලා රාජපක්ෂලා හිතන විදිහට නයිට් ක්ලබ් දාලා, ගංජා වවා ආර්ථිකය ගොඩගත නොහැකි බවත් ඒ සඳහා රටේ ගොවිජනතාව ශක්තිමත් කළ යුතු බවත් ගොවි ජනතාව ශක්තිමත් කිරිමට හැකි වැඩසටහනක් රනිල්ට නොමැති වුවත් සජිත් ප්‍රේමදාස මහතාට පවතින බවත් මේ රට ගොඩගත හැක්කේ සජිත් ප්‍රේමදාස මහතා බවත් ඒ මහතා මෙහි දී පැවසීය.