පුද්ගලයකුට පහරදී, වදහින්සවට ලක්කර තිබෙන වත්මන් වැඩබලන පොලිස්පතිවරයා එම පුද්ගලයාගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බව තීරණය කර දේශබන්දු තෙන්නකෝන් වැරදිකරුවකු ලෙස නියෝග කර තිබෙන අධිකරණය වින්දිතයාට රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවන්නැයි වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු තිදෙනකුට පසුගියදා නියෝග කළේය.
ඒ අනුව SC FR 107/2011 නඩුවේ, දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු වගකිවයුතු වගඋත්තරකරුවන්ට එරෙහිව අපරාධ නඩු පවරන ලෙස නීතීඥ සාමූහිකය නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
නීතිඥ සමුහිකය විසින් නීතිපතිවරයා වෙත යවන ලද ලිපිය පහත දැක්වේ.