අතීතයේ සිට වර්තමානය දක්වා රට පාලනය කල දේශපාලකයන් සම්බන්දයෙන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පසුගිය දිනෙක මාධ්‍ය වෙත විශේෂ හෙළිදරව්වක් කළ අතර CD90 යතුරුපැදියේ සිට යුරෝපයේ දේපල අත්පත් කරගැනීම දක්වා විශාල මුදලක් මොවුන් විසින් දුප්පත් ජනතාවගෙන් කොල්ලකා ඇති බවයි.

එතුමා වැඩිදුරටත් සදහන් කලේ මේ රට පාලනය කල ජනාධිපතිවරුන්ගේ සිට ග්‍රාමසේවක දක්වා දූෂණය සමග මගුල් කන නිලදාරීන් සිටින බවත් එම පුද්ගලයින්ගේ ක්‍රමයටම ඔහු යුද්ධ කලේනම් තවමත් යුද්ධය නිමා කිරීමට හැකි නොවන බවත්ය.

එහිදී ඔහු කියා සිටියේ මෙරට දේශපාලකයන්ගෙන් 50%ක් දූෂිත බවත්, 35%ක් මොලෝ රහක් නොමැති බවත්, 15%ක් පමණක් බුද්ධිමත්ව දේශපාලනය සිදු කරන බවත්ය.